2016 ජනවාරි 23 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොස්තුළුතුමා පොදු ජනතාව හමුවන අවස්ථාවේ දී උන්වහන්සේ වෙත පැමිණි කුඩා දැරියක්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සමගින් සුරතල් බස් කියවන්නට වූයේ, උන්වහන්සේව ඉතාමත් හුරු පුරුදු ලෙසිනුයි. උන්වහන්සේ ද විනාඩි 30ක් පමණ ඒ කුඩා දැරියගෙන් විවිධ දේ අසමින් විනෝද වූයේ, ටික වේලාවකට උන්වහන්සේ ද කුඩා දරුවෙකු බවට පත්වෙමිනුයි.
කුඩා දැරිය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත පැමිණියේ සිය දෙමාපියන් සහ ඇයගේ එකම සොහොයුරියත්, එකම සොහොයුරාත් සමගිනි.
මේ කුඩා දැරියගේ දෙමාපියන් වූයේ මීගමුව, මුන්නක්කරයේ පදිංචි වෙනීරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියයි. මේ යුවල සිය දරු තිදෙනාත් සමග ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වෙත එදා පැමිණියේ ඔවුන්ගේ විවාහ දිවියට වසර 22 ක් සම්පූර්ණ වීම හේතුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් වෙතින් විවාහ සංවත්සර ආශිර්වාදය ලබා ගැනීම සඳහාය.
මෙම යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ 1994 ජනවාරි 27 වෙනි දිනයි. එදින විවාහ මංගල දිව්‍ය පූජාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල පවත්වනු ලැබූ අතර, එම විවාහ මංගල දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසිනි.
වෙනීරියස් ප්‍රනාන්දු මහතා අපොස්තලික ආරක්ෂක සේවයේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ. මේ යුවල සෑම වසරකම ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව බැහැදැක, උන්වහන්සේගේ ආශිර්වාදය සිය පවුල වෙත ලබා ගැනීම නොවරදවා කරනු ලබන සිරිතකි.
වෙනීරියස් ප්‍රනාන්දු සහ සෙල්වින් ප්‍රනාන්දු යුවල දරු තිදෙනෙකුගේ දෙමාපියන් වන අතර, ඔවුන්ගේ බාලම දියණිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් සමග සුරතල් බස් කියමින් විනෝද වූ ආකාරය මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි









