අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා 2016 නව වසරේ කාර්යයන් පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කරමින් සහ ඉදිරියේ දී නව මගක් ගන්නා උන්වහන්සේගේ දේව සේවය සහ මහජනයා වෙනුවෙන් කරන සේවය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් පිණිස ඉතා විශේෂ රැස්වීමක් 2016 ජනවාරි 4 වෙනි සඳුදා රාත්‍රියේ පවත්වනු ලැබීය.
මීගමුවේ, ජෙට් වින් ලැගූන් හෝටලයේ මෙම රැස්වීම පැවැත්වුන අතර, ඊට සහභාගිවීම සඳහා ඇරයුම් ලබා සිටියේ ඉතාමත් සීමිත නිලධාරීන් පිරිසකි.
අපොස්තලික ලේකම් අශෝක ප්‍රනාන්දු, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විශාන්, අපොස්තලික ආරක්ෂක සේවයේ, වෙනීරියස් ප්‍රනාන්දු සහ සම්පත් ප්‍රනාන්දු, අපොස්තලික මාධ්‍ය ජාලයේ, නිල්නුවන් බණ්ඩාර සහ සුරේන් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම රැස්වීම සඳහා ඇරයුම් ලබා තිබුණි.
මීගමුවේ, ජෙට් වින් ලැගූන් හෝටලය වෙත පැමිණි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ව මුලින්ම හෝටලයට පිළිගනු ලැබුවේ, හෝටලයේ ප්‍රධාන කළමනාකරු විසිනි.
අනතුරුව මෙම රැස්වීම සඳහා සූදානම් කර තිබූ ශාලාව වෙත උන්වහන්සේව කැඳවාගෙන ගිය අතර, කෙටි යැදුමකින් රැස්වීම ආරම්භ විය.
ජනවාරි 4 වෙනි දා රාත්‍රී 7 සිට මැදියම් රෑ පසුවන තුරු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සිය නිලධාරීන් සමග මීගමුවේ, ජෙට් වින් ලැගූන් හෝටලයේ පවත්වනු ලැබූ සාකච්ඡාවේ දී උන්වහන්සේගේ නව සැලසුම් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට පැහැදිලි කර දුන් අතර, පොදු ජනතාවට ද ඉන් විවිධ සහනයන් ලබා දෙනු සඳහා කෙසේ ක්‍රියාකල යුතු දැ යි, පොදු ජනතාව වෙනුවෙන් විවෘතව අදහස් දක්වන ලෙස ඉල්ලා සිටියහ.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා මෙහිදී කතා කරනු ලැබුවේ ඉතාමත් මද වශයෙනි. ආරම්භයේදී ම උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ, නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කරන ලෙසත්, ඔවුනොවුන් අතර කතාබස් කරන ලෙසත්, ඒ සියල්ලටම උන්වහන්සේ සවන් දී තීරණයක් ගන්නා බවත්ය.
සියළුම නිලධාරීන් අදහස් දැක්වූ අතර, දැක්වූ අදහස් පිළිබඳව ඔවුනොවුන් අතර විවිධ සාකච්ඡාවන් ද ඇති විය. ඒ සියල්ලක් ඉතාමත්ව සුහදව පැවති අයුරු කැපී පෙණුනි.
එහෙත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා නිහක්‍ෂව සියල්ලටම සවන් දෙන අයුරු දැක ගන්නට ලැබුනි. සාකච්ඡාව අතර වාරයේ එකම වතාවක් උන්වහන්සේ ශුද්ධවු බයිබලය පෙරලා කිසියම් කරුණක් පහදා දුන් සේක.
මධ්‍යම රාත්‍රිය ද පසුවී මෙම රැස්වීම අවසන් කර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා හෝටලයෙන් පිටත් වීමට පෙර සියළු නිලධාරීන් සමග ස්තූති යාච්ඤාවක් ඔප්පු කල අතර, සියළු නිලධාරීන් පැමිණ අදහස් දැක්වීම ගැන ඔවුන්ට තුති පුද කලහ.
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2016 ජනවාරි 4 වෙනි සඳුඳා රාත්‍රී, මීගමුවේ, ජෙට් වින් ලැගූන් හෝටලයේ දී, නව වසරේ කාර්යයන් පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කරමින් පවත්වනු ලැබූ රැස්වීමේ විවිධ අවස්ථාවන් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි




















