
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථ වී වසර නවයක් සම්පූර්ණ වෙයි
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2019 ජූනි 26 වෙනි දිනට වසර නවයක් සම්පූර්ණ වේ. 2010 ජූනි 26 වෙනි දින එතුමිය ස්වර්ගස්ථ වන විට අනූවන වියෙහි පසුවූවාය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ රැකවරණය ඇතිව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගතකල එතුමිය, ලොවට අපොස්තුළුතුමෙකු ලබා දුන් මවක් ලෙසින් බැතිමතුන්ගේ ද ආදරයට සහ සැලකිල්ලට…





