ජේසු තුමන්ගේ උපත සිහිපත් කරන්නට මිනිසුන් සූදානම් වන බව දැන ගැනීමට හැකියාවක් සතුන්ට තිබේ නම් අහිංසක තිරිසන් සතුන්ගේ මර ලතෝනිය කෙසේ වෙයිද? – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

‛‛නත්තල ලග එන විට කුඩා දරුවන් සන්තෝෂ වෙනවා. වැඩිහිටි අයත් සතුටු වෙනවා. නත්තල ලග එනවිට සන්තෝෂ වෙන තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි මිනිසුන් අතරේම හැදෙන සතුන්. ඒ සතුන් සන්තෝෂ වෙන්නේ නත්තල ලග එන බව දැනගෙන නොවෙයි, නත්තල් ලග එන විට සතුන්ට වැඩියෙන් ආහාර ලැබෙන නිසයි. සතුන් දන්නේ නැහැ, ඔවුන්ට මේ වැඩියෙන් ආහාර ලැබෙන්නේ, ඔවුන්ගේ බර…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් සොරුන්, මංකොල්ලකරුවන්, අපරාධකාරයින්ගෙන් පිරුණු පාලු මාවතකට, රන් මුදු මාල ආශිර්වාද කර පළදවා තවත් දෙදෙනකු පිටත් කර යවයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ වසර 44ක අපොස්තුළුවර දිවියේ, උන්වහන්සේගේ සුරතින් ආසිරි ගැන්වුන තවත් විවාහ දිවියක ආරම්භයක් පසුගිය අගෝස්තු 30 වෙනි දා සිදු විය. එය රන් අකුරින් ලියවුන තවත් ආදර කතාවක් විය.   එම ආදර කතාව ලියවුණේ දූනගහ වැඩිහිටි නිවාසයේ, තම ජීවිතේ සැඳෑ සමය ගෙවන, සමාජය විසින් බිත්ති හතරට කොටු කර දමා තිබෙන අසරණ දෙමාපියන්…

එදා ප්‍රතිමාවෙන් මා දුටු දේව මෑණියන්ව 23 න් වාරයක් මම ජීවමාණවම දුටුවා – ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ප්‍රකාශ කරයි

පසුගිය 2019 සැප්තැම්බර් 21 වන දින සවස, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන් විසින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල දිවයිනේ නන් දෙසින් පැමිණි බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වය මධ්‍යයේ, දෙව් මවුන් වෙත ජපමාලය ඔප්පු කළ අතර එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සහභාගිත්වයෙන් දර්ශණ දෙව්මැදුර තුළ ජපමාල උච්චාරණය සඳහා විශේෂ හේතුවක් වූයේ, පසුගිය 2019 ජූලි 27 වන…

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මුළු ලොවටම සත්‍ය ධර්මය බෙදන දහම් පාසැලක් වේවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රාර්ථනා කරයි

නිර්මල කන්‍ය මරිය මෑණියන්ගේ නමට කැප කර ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනවයෙන් ප්‍රතිංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැදුර, විශේෂ දෙව්මැදුරක්. මෙහි ඇති විශේෂත්වය කුමක්ද? මෙහි ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වී ලෝකයටම අපොස්තුළු තුමෙකු පත්කල නිසාද? නැත්නම් නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් දර්ශණය වී ඇති නිසාද? ඇත්තටම එවැනි දේ අති විශිෂ්ඨතම සුවිශේෂ සිදුවීම් තමයි. නමුත්…

යහපත් අම්මා සහ යහපත් තාත්තා යනු තම දරුවන්ට පින සහ පව අවබෝධ කරවන්නාවූ දෙමාපියන් ය – සුදොතුම් අපොස්තුළුතුමාණෝ පවසති

‛‛දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවන්ට ආදරය කළ යුත්තේ දරුවන්ව හැකිතාක් අමතර පන්ති හෙවත් ටියුෂන් වෙත තල්ලු කර යැවීමෙන් නොවෙයි. ඔබගේ දරුවන්ට යහපත් ලෙස ජීවත් වීමේ රහස උගන්වන්න. මේ ලෝකය තුළ ඔවුන් ලොකු මිනිසුන් කිරීම නොව, යහපත් මිනිසුන් ලෙසින් නිර්මාණය කිරීමේ වගකීම දරන්න. ඔබේ දරුවන් ද තවත් අනිත් දරුවන් මෙන්ම යම් දිනක මිය යන බව අමතක…

දෙනෝ දහක් ඉදිරියේ නිර්මල කන්‍ය මරිය මාතාවන් පෑවා වූ විස්මිත ප්‍රාතිහාර්‍යයට ජපමාලයෙන් තුති පිදීම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන්

නිර්මල කන්‍ය මරිය මාතාවන් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූ දර්ශණ දෙව් මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ද සහභාගිත්වයෙන් ජපමාලය උච්චාරණය කිරීම 2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.   මෙදින දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස දෙනොදහක් ජනතාව…

His Holiness the Apostle Rohan Lalith Aponso

ලොවටම ආදර්ශයක් දෙමින් ශෙඩ්රික් ක්‍රාමර් සමග ප්‍රසානි ඉමන්ති අතිනත ගනියි

කටුනායක ශෙඩ්රික් ක්‍රාමර් තරුණ මහතා සමගින් මීගමු – කුරණ ප්‍රසානි ඉමන්ති තරුණ මෙනවිය 2019 අගෝස්තු 30 වෙනි සිකුරාදා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.   මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය….

His Holiness Apostle Rohan Lalith Aponso

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්‍රතිමාවෙන් පැය ගණනාවක් ම නොකඩවා පිචිච මල් සුගන්ධය පැතිරීමයි….

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු ශ්‍රී ලංකාවේ දී දේව මෑණියන් දර්ශනය වී ඇති එකම සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශන දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙනවා. මෙම දර්ශන 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී යි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ ලෝකයට ප්‍රකාශ කිරීමට විවිධ…

දුර්ලභ අවස්ථාවක් – දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වීමට සැදැහැවතුන්ට අවස්ථාවක් හිමි වෙයි

පසුගිය ජූනි 29 වෙනි සෙනසුරාදා දින සවස සතර දිගින් සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ සිටියේ එදින සවස පැවැත්වූ හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සඳහායි.   සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට රැස්වූ සැදැහැවතුන් මහත් ශ්‍රද්ධාවකින් යුතුව හාස්කම් යාච්ඤාවට සහභාගි වූ අතර, ඔවුන් සිය ඉල්ලීම් ලිවූ ලිපි ඔසවාගෙන නිර්මල…