නිර්මල කන්‍ය මරිය මාතාවන් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූ දර්ශණ දෙව් මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ද සහභාගිත්වයෙන් ජපමාලය උච්චාරණය කිරීම 2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස උත්කර්ෂවත් අන්දමින් සිදුවිය.

 

මෙදින දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස දෙනොදහක් ජනතාව හමුවේ කරනු ලැබූ විස්මිත ප්‍රාතිහාර්ය නිසාය. එදින සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වනු පිණිස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන්ගේ දෑස් ඉදිරියේ ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිදුකරනු ලැබුවේ මහා විශ්මිත දෙයකි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය විසිතුන් වතාවක් දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය තුල ජීවමාන වෙමින්, දර්ශණ දේව මන්දීරය තුල ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය නොකඩවා පැය ගණනාවක් එතුමිය පතුරණු ලැබුවේ, ඒ මිහිරි සුඝන්ධයේ ආශ්වාදය සියළුම සැදැහැවතුන්ට දැනගැනීමට සලස්වමිනුයි. දර්ශණ දේව මන්දීරය තුල පමණක් නොව සිද්ධස්ථාන භූමියට ද, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ද පැතිරී ගිය මෙම ප්‍රාතිහාර්‍යාත්මක පිච්ච මල් සුඝන්ධය එයින් ද නොනැවතී, සිද්ධස්ථානය ඉදිරිපිට මහා මාර්ගය දෙපසටම ද, මීටර් සියයක් පමණ දුරක් දක්වා විහිදුනි.

 

මෙතරම් අසිරිමත් ප්‍රාතිහාර්යයක් සිදු කරනු ලැබූ නිර්මල කන්‍ය මරිය මාතාවන් වන කටුනායක අප ස්වාමිදූට ස්තුති පුද කිරීම සදහා මෙම ජපමාල උච්චාරණය සිදු කරනු ලැබූ අතර, විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය මාතාවන් දැක ගැනීමේ දුර්ලභ, සුවිශේෂී වාසනාව හිමිකර ගත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් ජපමාල උච්චාරණය සිදු විය. එය සැදැහැවතුන්ට ඉතාමත් ප්‍රීතියට කරුණක් වූ අතර, ජූලි 27 වෙනි දින පිච්ච මල් සුඝන්ධය විහිදී පැතිරුණ දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාල උච්චාරණය සිදු විය.

 

ජපමාල උච්චාරණය ආරම්භ කිරීමට පෙර සැදැහැවතුන් දර්ශණ දෙව්මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ සුරතට මල් පොකුරු පුද දුන් අතර පූජා සහයකයන් විසින් එම පොල් පොකුරු දෙව් මවු ප්‍රතිමාව පාමුළ තැන්පත් කරන ලදී. මේ අතර සැදැහැවතුන් රැසක් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ දර්ශණ ඉටිපහන් දල්වන ලදී.

 

දර්ශණ දෙව් මැදුර තුල මෙන්ම සිද්ධස්ථාන භූමිය පුරා ද සැදැහැවතුන් විශාල පිරිසක් රැස්ව සිටියහ. දිවයිනේ උතුරු පෙදෙස වූ යාපනයෙන් ද, දකුණු පෙදෙස වූ ගාල්ලෙන් ද පැමිණ සිටි සැදැහැවතුන් එලෙස දුර මග ගෙවා ගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටියේ, දෙව් මවුන් මහත් ප්‍රාතිහාර්ය පාමින් එතුමිය ජීවමාන වන්නා වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, දෙව් මවුන් වෙත කන්නලවු කිරීමට ඇති යහපත්ම සිද්ධස්ථානය බව ඔවුන් දන්නා නිසා පමණක් නොව, දෙව් මවුන් පමණක් නොව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද දර්ශණය වූ, අද ලොව ජීවත් වන එකම අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අදටත් තවමත් ජීවත් වන නිසාය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුරේ සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජපමාලය උච්චාරණය කරනු ලැබූ අයුරු සහ ඊට සහභාගි වූ සැදැහැවතුන් ද ඔබට මේ ඡායාරූපයන්ගෙන් දැක ගත හැකියි

 

Apostle of Sri Lanka

 

His Holiness Rohan Lalith Aponso The Apostolic Father

 

Apostle of Sri Lanka

 

Apostle from Lord Jesus Christ

 

His Holiness The Apostolic Father

 

His Holiness The Apostolic Father

 

14th  Apostle from Jesus

 

14th  Apostle from Jesus

 

Primate Bishop Sri Lanka

 

Primate Bishop Sri Lanka

 

Primate Bishop Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in Sri Lanka

 

Spiritual Leader in the World

 

Spiritual Leader in the World

 

Spiritual Leader in the World

 

Spiritual Leader in the World

 

Spiritual Leader in the World