මැයි 18 වෙනි සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව නොපැවැත්වේ

වෙසක් දිනය යෙදෙන මැයි 18 වෙනි සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාව නොපැවැත්වෙන බව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.   දැනට රට තුල පවතින අවිනිශ්චිත තත්වයත්, විශේෂයෙන්ම වෙසක් දිනයේ සවස් කාලයේ පොදු ගමනා ගමන සේවාවන් අඩුවන නිසා දුර බැහැර සිට සිද්ධස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන් ආපසු තම නිවෙස් වෙත යනවිට සිදුවන දුෂ්කරතාවයන්…

මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු දහයක් සපිරුණ 1967 පෙබ්‍රවාරි 2 වෙනි දින උන්වහන්සේ කල කදිම වැඩක් පසුගියදා උන්වහන්සේ විසින්ම බැතිමතුන් ඉදිරියේ විස්තර කරනු ලැබුවා.   එනම් 1967 පෙබ්‍රවාරි 2 වෙනි දිනය වන විට උන්වහන්සේ මෙම ජීවිත කාලය තුල කොපමණ දින ගණනක් මේ පොළව මත ජීවත්ව සිටියාදැයි ගණන් බැලූ බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු…

කෑම මේසය සහ පුටු දෙක, ඇඳට වඩා බලවත් බව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නව යුවලට අවධාරණය කරයි

පසුගිය ජනවාරි 17 වෙනි දින පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ දී අතිනත ගනු ලැබූ ජාඇල රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා තරුණ යුවලගේ මංගල දේව මෙහෙය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණෝ නව යුවල අමතා අවවාද දෙමින් අවධාරණයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ, ඇදට වඩා කෑම මේසයත් පුටු දෙකත් බලවත් බවයි.   ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් අනුව ශුද්ධෝත්තම…

සැදැහැවතුන් දෙව් මවුන් පාමුල බැතියෙන් රැස්වෙති

සෑම සතියකම සෙනසුරාදා සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව මැයි 4 වෙනි සෙනසුරාදා ද සවස සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුණා.   හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් සැදැහැවතුන් පැමිණ සිටි අතර දැනට පවතින අනාරක්ෂිත ආරක්ෂක තත්වය නිසා සිද්ධස්ථානය තුලත්, සිද්ධස්ථානයෙන් පිටතත් විශේෂ ආරක්ෂක විදි විධාන යොදා…

එදා පීඩාවට පත්ව සිටි මුස්ලිම් ජනතාවට ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පිහිට වූ සේක

2016 වසරේ මැයි මාසයේ ඇදහැළුන මහා වැස්ස නිසා ගලා ගිය ගංවතුරෙන් පීඩාවට පත්වූවන් ජාති ආගම් ආදි විවිධ ජන කොට්ඨාශයන්ට අයත් වූහ. ඔවුන් සියළු දෙනාම පීඩාවට පත්වී සිටි අතර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඒ අසරණයන් වෙනුවෙන් කිසිවෙකුගෙන්වත් ආධාර නොඉල්ලා, සිය පුද්ගලීක ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර වියලි ආහාර ද්‍රව්‍ය මිල දී ගෙන ලොරියක…

ශුද්ධවූ බයිබලය නමින් ග්‍රන්ථයක් කිසිදු අපොස්තුළුතුමෙකු පාවිච්චි කරනු ලැබුවේ නැත

අපොස්තුළුතුමෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදව කරුණු කාරණා දැනගනු ලබන්නේ ශුද්ධවූ බයිබලය කියවීමෙන් නොවන බවත්, සියළුම ක්‍රිස්තියාණින් ඇතුළු සෙසු ජනතාව ක්‍රිස්තුස් වහන්සේ පිළිබදව දැනගනු ලබන්නේ ශුද්ධවූ බයිබලය කියවීමෙන් බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කල සේක.   උන්වහන්සේ මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ 2019 අප්‍රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ…

නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුළ පහනක් දල්වා දිනපතා ජපමාලය ඔප්පු කරන්න

උදා වී ඇති තත්වය හමුවේ දැඩි ශෝකයට පත් වී සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, මේ දුෂ්කර වේදනාබර අවස්ථාවේ සාමයේ රාජේශ්වරිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත ජපමාලය ද අතැතිව යොමුවන මෙන් සියළු ක්‍රිස්තියාණි සහෝදර ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නාහ.   දිනපතා රාත්‍රියේ තම නිවෙස් තුල නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුළ පහනක් දල්වා ජපමාලය ඔප්පු…

පිපිරීම් සම්බන්ධව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ බලවත් ශෝකය

පාස්කු ඉරුදිනයේ අප ශ්‍රී ලංකාවේ දේවස්ථාන කිහිපයක සහ හෝටල් කිහිපයක ද සිදුවූ පිපිරීම් සම්බන්දව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින්නාහ.   2019 අප්‍රියල් 21 වෙනි ඉරුදින සවස නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, සියළු ක්‍රිස්තියාණි ජනතාවට උතුම් දිනයක් වූ පාස්කු ඉරුදිනය ලෙයින් තෙත් කර කෙලෙසීම කරනු ලැබූ දෑත්…

ඉදිරි හාස්කම් යාච්ඤාව සහ පාස්කු දේව මෙහෙයන් පිළිබද විස්තර

අප්‍රියල් 13 වෙනි ලබන සෙනසුරාදා දිනයේ සිංහල අළුත් අවුරුදු නිවාඩු දිනය යෙදෙන බැවින් පොදු ගමනා ගමන සේවාවන් බොහෝ දුරට අඩුවන නිසා සහ එම හේතුවෙන් දුර සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට සිද්ධස්ථානයට පැමිණීමේ දී සහ ආපසු යාමේ දී සිදුවන ගමන් අපහසුකම් සැලකිල්ලට ගෙන අප්‍රියල් 13 වෙනි ලබන සෙනසුරාදා හාස්කම් යාච්ඤාව නොපැවැත්වේ.   මහ…

වැඩිහිටි නිවාසයකට මංගල භෝජනය පිළිගන්වා මංගල ගමන ගිය පින්බර යුවල වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැදුර තුල දිව්‍ය පූජාව පවත්වයි

පසුගිය සෙනසුරාදා එනම් 2019 මාර්තු 30 වෙනිදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල අති විශේෂ දිව්‍ය පූජාවක් අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතින් පුද කරනු ලැබූහ. එම දිව්‍ය පූජා මෙහෙයේ විශේෂත්වය කෙටියෙන් සදහන් කරන්නේ නම් මෙලෙසින් කිව හැකියි.   ජාඇල රංග ප්‍රසාද් පෙරේරා සහ සදුනි දිලීකා පෙරේරා යුවල අතිනත් ගනු ලැබුවේ පසුගිය…