ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු දහයක් සපිරුණ 1967 පෙබ්‍රවාරි 2 වෙනි දින උන්වහන්සේ කල කදිම වැඩක් පසුගියදා උන්වහන්සේ විසින්ම බැතිමතුන් ඉදිරියේ විස්තර කරනු ලැබුවා.

 

එනම් 1967 පෙබ්‍රවාරි 2 වෙනි දිනය වන විට උන්වහන්සේ මෙම ජීවිත කාලය තුල කොපමණ දින ගණනක් මේ පොළව මත ජීවත්ව සිටියාදැයි ගණන් බැලූ බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවා. එවිට උන්වහන්සේ ලද පිළිතුර දින 3650 ක් බව පැවසූ අතර, අවුරුද්දකට ඇති දින 365, දහයෙන් වැඩිකර එම උත්තරය ලබාගත් බවත්, එතැන් සිට සෑම අවුරුද්දකම තම උපන් දිනය යෙදෙන දවසේ දී නොවරදවාම මෙම ගණන් බැලීම සිදු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා.

 

මෙම 2019 පෙබ්‍රවාරි 2 වෙනි දින සිය 62 වන උපන් දිනය සමරණු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එදින ද මෙම ගණන් හැදීම සිදු කල බව පැවසූ අතර, එම දිනයේ 365, හැට දෙකෙන් වැඩි කල බවත්, පිළිතුර ලෙස 22630 ලැබුණ බවත් පැවසූ උන්වහන්සේ, මේ වන විට, මෙම ජීවිත කාලයේ මේ පොළව මත දවස් 22630 ක් ජීවත්ව ඇති බව පවසනු ලැබුවා.

 

මෙලෙස තමන්ගේ උපන් දිනය දවසේ මෙවැනි ගණන් බැලීමක් සිදුකල අයෙක් මෙහි සිටීනම් අත ඔසවන්න යයි පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා රැස්ව සිටි බැතිමතුන් අතරින් කිසිවෙක් හෝ අත ඔසවත් දැයි විමසිල්ලෙන් බැළුවත්, කිසිවෙකුත් අත නොඉස්සූ බැවින්, ‛‛සමහර විට මේ ගණන් බැලීම කරන ලෝකයේ එකම පුද්ගලයා මම වෙන්නට ඇති’’ යයි සිනහ මුසු මුහුණින් ප්‍රකාශ කලා.

 

තම උපන් දිනය දවසේ මෙවැනි ගණන් බැලීමක් සිදු කිරීම ඔබත් කරන්නට පටන් ගන්න යයි ඉල්ලීමක් කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ඒ සමගම ඔබට බොහෝ දේ සිතා බැලීමට හැකි වන බව ද පැවසූවා.

 

දැන් මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 75 ක් බව අන්තර් ජාලයේ සදහන්ව තිබූ බව පවසනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එසේනම් මිනිසෙක් ජීවත්ව සිටින දින ගණන 27375 ක් බව පැවසූ අතර, උන්වහන්සේ ද අවුරුදු 75 දක්වා ජීවත්ව සිටියහොත්, තවත් ජීවත්වීමට ඇත්තේ දින 4745 ක් බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

 

අන්තර් ජාලයේ කෙලෙස සදහන්ව තිබුනද අවුරුදු 75 ට වඩා අඩු වයසින් මෙලොවින් සමු ගන්නා මිනිසුන් වැඩි බවත්, ඒ අතර අවුරුදු 75 ට වැඩියෙන් ජීවත් වන්නන් ද සිටින බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෑතක දී අවුරුදු 104 ක් ජීවත් වූ ලංකාවේ කාන්තාවක් පිළිබදව අන්තර් ජාලයෙන් විස්තර දැනගන්නට ලැබුණ බවත් ප්‍රකාශ කල අතර, එමනිසා ඔබේ ආයු කාලය එලෙස ගණන් බලා කලබල නොවිය යුතු බවත් පැවසනු ලැබුවා.

 

තව දුරටත් රැස්ව සිටි පිරිස ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කාටත් මෙය හොද අභ්‍යාසයක් බවත්, තම තමා කොපමණ කාලයක් මේ ලෝකයේ ජීවත් වුනාද, ඉදිරියට කොපමණ කාලයක් ජීවත් වෙයිද, ජීවත්ව සිටි කාලය තුල තමා දෙවියන්ට ලං වුනාද නැත්නම් දෙවියන්ගෙන් ඈත් වුනාද කියා හෘද සාක්ෂියට එකගව කල්පනා කර බැලීමෙන් බොහෝ දේ සිතට එන බවත්, එමගින් ජීවිතයට ආලෝකයක් ලැබෙන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 62 වන ජන්ම දිනය වෙනුවෙන් 2019 පෙබ්‍රවාරි 2 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සංවිධානය කර තිබූ ජන්ම දින උත්සවයේ දී අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට උපහාර පිණිස සිද්ධස්ථානයේ බැතිමතියන් පිරිසක් උන්වහන්සේ ඉදිරියේ ගීතිකා ගායනය කරනු ලැබූ අතර අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද සතුටින් ඊට සවන් දෙනු ලැබුවා. මෙම ඡායාරූප එම අවස්ථාව සම්බන්ධවයි