ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථ වී වසර නවයක් සම්පූර්ණ වෙයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2019 ජූනි 26 වෙනි දිනට වසර නවයක් සම්පූර්ණ වේ. 2010 ජූනි 26 වෙනි දින එතුමිය ස්වර්ගස්ථ වන විට අනූවන වියෙහි පසුවූවාය.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ රැකවරණය ඇතිව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගතකල එතුමිය, ලොවට අපොස්තුළුතුමෙකු ලබා දුන් මවක් ලෙසින් බැතිමතුන්ගේ ද ආදරයට සහ සැලකිල්ලට…

යාචකයෙකුටවත් යමක් නොදෙන තණ්හා සිත ගැළවීම සඳහා ලොකුම බාධාවක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

මම නිතරම උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ව පුළුවන් තරම් පාපයෙන් අහකට අරගෙන, අඳුරින් හැකිතාක් ආලෝකයට ගන්ඩ. පාපයෙන් අයින් කරලා, පිනට ලැදි පුද්ගලයන් පිරිසක් බවට පත් කරන්න. ඒකට තමයි ලොකූ කැපකිරීමක් කරන්නේ. ඒකට තමයි මම ලොකු උත්සාහයක් දරන්නේ, ඔයගොල්ලන්ට ඒ තත්ත්වය ඇති කරන්න.   අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ, 2019 නව…

නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.   නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන්…

කුරුසිය දෙපස සිටි වරදකරුවන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළා ද – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රශ්ණයක් මතු කරයි

ජේසුස් ස්වාමින් වහන්සේව කුරුසිය මත මරා දමණු ලැබූ දිනයේ උන්වහන්සේගේ අවසන් පැය කීපය පිළිබඳව ලියා ඇති සුවිශේෂකවරුන් සතර දෙනා, ජේසුස් ස්වාමින්වහන්සේගේ කුරුසිය දෙපස ඇණ ගසා සිටි සොරුන් දෙදෙනා පිළිබඳව ලියා ඇති කරුණු සියළු ක්‍රිස්තියාණින්ගේ අවධානයට යොමු විය යුතු බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය අප්‍රියල් 19 වෙනි මහ සිකුරාදා දිනයේයි.  …

කන්‍ය මරිය මාතාවෝ අද අප අතරම ජීවමාන වෙමින් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිට අපට සැනසුම ලබා දෙන සේක – දෙව් මවුන්ට පිදෙන හාස්කම් යාච්ඤාව ලබන සෙනසුරාදාත් සවස 5 ට

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ශ්‍රී ලංකාවේ පිහිටි නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ එකම සිද්ධස්ථානයයි. එතුමිය විසිතුන් වතාවක් මෙම සිද්ධස්ථානයේ දර්ශණය වී ඇති අතර, එම දර්ශණයන් අතරින්, 9 වන දර්ශණය සිදුවූ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින එතුමිය ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයෙන් දන්වා සිටියේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිදු කරනු…

කෙනෙකුගේ මරණාසන්න මොහොත ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ පවසති

දැනට අවුරුදු කීපයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විවිධ පුද්ගලයන් මේ ලොව හැරදා යන්නට යන අවසන් මොහොතට සහභාගි වී ඇති බවත්, කෙනෙකුගේ මරණාසන්න මොහොත හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන්නට යන මොහොත ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් බවත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2018 නොවැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මීළග ධර්මෝපදේශ දෙසුම ජූනි 23 වෙනිදා

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පත්කරනු ලැබූ සියළු අපොස්තුළුතුමන්ලාගේ ප්‍රධාන වගකීම වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මය ලොවට දේශනා කරමින් ස්වර්ගය වෙතට යා යුතු මාර්ගය මෙය යයි පෙන්වා දීමයි.   ‛‛මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ යි ජේසුස් ස්වාමින් වහන්සේ වදාළ බව, ශුද්ධවූ මතෙව් තුමා තම…

බුදු රජාණන්වහන්සේ වින්දා වූ අප්‍රමාණ දුක් වේදනාවන් නිසාමයි මේ මහළු මවුපියන් අද මේ ස්ථානයේ සැනසීමෙන් ජීවත් වන්නේ – ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණෝ පවසති

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ගේ 62 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2019 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. ඒ වෙනුවෙන් උන්වහන්සේ පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව ජීවත්වන මහළු මවුපියන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරි නමනු ලැබුවා.   දරු සෙනෙහසක් නොමැතිව හුදකලාව තම ජීවිතයේ සැඳෑ සමය ගත කරනු ලබන මේ අසරණ මහළු මවු පියන් ඉදිරියේ…

හාස්කම් යාච්ඤාව දෙව් මවුන් වෙත පුද දීම ලබන සෙනසුරාදා සවස 5 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී

නිර්මල කන්‍ය මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානය වන, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පා නගන බොහෝ දෙනා නිර්මල මවු මරියාවන්ගේ විශේෂ පිහිට වරප්‍රසාදයක් අපේක්ෂා කරන්නෝයි. ජීවිත ගමනේ අසරණව, බලාපොරොත්තු සුන් වී සිටින මොහොතක, තම දයාබර ස්වර්ගීය මෑණියන්ගේ විශේෂ පිහිටක් අත්‍යවශ්‍ය වී සිටින මොහොතක, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සැදැහැ ජනතාව ඇදී එන්නේ, දෙව්…

කුඩා දරුවන්ට ස්වර්ග සැපතත්, නිවන් සැපතත් රහසින් පතන පුරුද්ද ගැන ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා හෙළි කරනු ලබයි

කුඩා දරුවන් ශුද්ධෝතම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ දෝතේ තැබීමට, උන්වහන්සේගේ ආශිර්වාදය ලබා දීමට දෙමාපියන් සුවිශේෂ කැමැත්තක් දක්වනවා. එවන් අවස්ථාවල දී උන්වහන්සේගේ සිතින් ඒ කුඩා දරුවාට කරනු ලබන ප්‍රාර්ථනාවක් පිළිබඳව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා 2018 වසරේ දෙසැම්බර් 24 වෙනි දින පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දී හෙළි කරනු ලැබුවා.   කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ,…