නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ යාච්ඤාව උච්චාරණය කිරීමෙන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මරිය තුමියගේ ප්‍රබල අනුග්‍රහය ලබා ඇත

නිර්මල කන්‍ය මරිය තුමිය වෙත ලියවුන යාච්ඤා රැසක් අප අතර ඇත. එහෙත් මේ සියල්ලක් අතරින් දයාබර මරිය තුමියගේ සිත් ගත් යැදුමක් බවට අද පත්වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස කියනු ලබන යාච්ඤාව අති විශේෂ යාච්ඤාවකි.   නිර්මල කන්‍ය මරිය තුමියව සියැසින් දැකගනු ලැබූ අපොස්තුළුතුමෙක් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව උච්චාරණය කිරීමෙන්…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 62 වන ජන්ම දිනය සැමරීම සඳහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මැදියම් රැයේ සැදැහැවතුන් රොක් වෙති

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 62 වන ජන්ම දිනය 2019 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදී තිබුනි. උන්වහන්සේගේ උපන් දිනයේ, වසර 62කට පෙර උන්වහන්සේගේ උපන් වේලාවට විවිධ ප්‍රදේශවලින්, දුර බැහැරින් පවා ජනතාව, උන්වහන්සේ වැඩ වසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙති. වසර ගණනාවක සිට මෙය සිදුවේ. කිසිවෙකුගේවත් බලකිරීමකින් නොව ස්වකීය කැමැත්තෙන්ම සැදැහැවතුන් මෙය කරනු…

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින්ම ලද පූජනීය අපොස්තුළුවරයට වසර 44ක් සපිරෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසූ ධර්මයේ අයිතිකරුවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. ඊළඟට උන්වහන්සේගේ අපොස්තුළුවරුන් පිරිසයි. මෙලොවින් සමුගෙන ස්වර්ගාරෝහණ වීමට පෙර ජේසුස් ස්වාමින් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ ප්‍රකාශ කල සේක. ‛‛මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ (මතෙව් 28/20) ජේසුස් ස්වාමින් වහන්සේ සදහටම ලෝකය දෙස බලා සිටින සේක. අපොස්තුළුවරුන් මගින් මේ ලෝකයේ අප සමග සිටින සේක….

ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වී වසර වසර 44 ක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වී ඇති බව ශ්‍රී ලංකා වාසී අප සැවොම අසා ඇත. එවැනි ස්ථාන සිහිකර තැනූ ලූර්දු පල්ලි, පාතිමා පල්ලි සහ සිද්ධස්ථාන ගැන ද අපි අසා ඇත්තෙමු.   එවන් වට පිටාවක සිටිය දී 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින සවස පැතිරී ගිය අළුත්ම පුවතක් වූයේ නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී…

ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාගේ ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදා

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 62 වෙනි ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනි ලබන සෙනසුරාදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.   මීට වසර 62කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම…

නත්තල් දිනයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසින් හදුනාගත් පුංචි පුතා

2018 දෙසැම්බර් 24 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දේශණය ආරම්භයේ දී ම අපූරු හදුනාගැනීමක් සිදුවිය.   ‛‛මෙතන ඉන්නවද මේ ජීවිතේ අද පළමු වරට නත්තල සමරන කවුරුහරි? ඒ කියන්නේ 2017 දෙසැම්බර් 25ත්, 2018 දෙසැම්බර් 25ත් අතර ඉපදිච්ච කවුරුහරි?…

නව යුවලට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් අළුත් උපන් දිනයක්

පසුගිය දා අතිනත ගත් ජාඇල රංග ප්‍රසාද් තරුණ මහතාත් සදුනි දිලීකා තරුණ මෙනවියත් අතිනත ගැන්වීමේ සරණ මංගල මෙහෙයේ දී ඔවුන් අමතා දේශණයක් කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ප්‍රකාශ කරනු ලැබුවේ, දෙදෙනාට වෙන වෙනම උපන් දිනයන් ඇතත්, මින් ඉදිරියට දෙදෙනා එක්ව සැමරිය යුතු, දෙදෙනාටම පොදු උපන් දිනය වන්නේ ඔවුන් විවාහ දිවියට ඇතුළු වූ ජනවාරි…

ලොවටම ආදර්ශයක් දෙමින් රංග ප්‍රසාද් සමග සදුනි දිලීකා අතිනත ගනියි

ජාඇල රංග ප්‍රසාද් තරුණ මහතා සමගින් සදුනි දිලීකා තරුණ මෙනවිය ජනවාරි 17 වෙනි බ්‍රහස්පතින්දා දින අතිනත ගෙන යුග දිවි ආරම්භ කරනු ලැබුවේ ලොවටම ආදර්ශයක් දෙමිනුයි.   මෙවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ කෙලෙසින් ද යන වග ඔවුන් දෙපළ විශේෂයෙන්ම සියළු ක්‍රිස්තියාණින් වෙත පෙන්නුම් කරනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් ලොවටම මතක් කර දීමෙන්ය.   ලූකස් තුමාගේ සුවිශේෂයේ…

දර්ශණ දේව මන්දීරය තුලට පිවිසීම සදහා සැදැහැවතුන්ට විශේෂ අවස්ථාවක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සලසා දෙයි

නව වසරේ ප්‍රථම සෙනසුරාදා (2019 ජනවාරි 5 වෙනිදා) සවස 5 ට සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නව වසරේ ප්‍රථම ජපමාල උච්චාරණය ආරම්භ වූ අතර, ජපමාල උච්චාරණයෙන් පසුව නව වසරේ ප්‍රථම වරට හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම ද ජපමාල උච්චාරණයෙන් පසුව සිදු කරනු ලැබූ අතර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ අපොස්තුළු උයනේ දී…

2019 නව වසරට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සුභ පැතුම් එක්කරයි

අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් 2019 නව වසරට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල පවත්වනු ලැබුවේ. ජාති, ආගම් භේදයකින් තොරව විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි බැතිමතුන් රැසකගේ ද බැතිමත් සහභාගිත්වයෙනුයි.   නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට අවනත වෙමින් තනනු…