නව වසරේ ප්‍රථම සෙනසුරාදා (2019 ජනවාරි 5 වෙනිදා) සවස 5 ට සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නව වසරේ ප්‍රථම ජපමාල උච්චාරණය ආරම්භ වූ අතර, ජපමාල උච්චාරණයෙන් පසුව නව වසරේ ප්‍රථම වරට හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම ද ජපමාල උච්චාරණයෙන් පසුව සිදු කරනු ලැබූ අතර, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ අපොස්තුළු උයනේ දී මෙම සියළු පිළිවෙත් සිදු විය.
හාස්කම් යාච්ඤාවේ දී සිදුවන එක් විශේෂිතම අංගයක් වන්නේ, තම ඉල්ලීම ලිවූ පත්‍රිකාවක් රතු පෙට්ටිය තුලට දැමීමයි. එය හාස්කම් යාච්ඤාවට ම අයත් අනිවාර්ය අංගයකි.
එහෙත් එදින රතු පෙට්ටියට ලිපි දමන අවස්ථාවේ දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙතින් විශේෂ ප්‍රකාශයක් නිකුත් විය. උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ, නව වසරේ හාස්කම් යාච්ඤාව ප්‍රථම වරට උච්චාරණය කරනු ලැබූ එදින, තම ඉල්ලීම් ලිවූ ලිපි දැමීම සදහා රතු පෙට්ටිය දර්ශණ දෙව්මැදුර තුල, නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව පාමුළ තබා ඇති බවයි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද, නිර්මල කන්‍ය මරිය තුමිය ද දර්ශණය වූ දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු වී සුළු යාච්ඤාවක් උච්චාරණය කර තම ඉල්ලීම රතු පෙට්ටිය තුලට දමන ලෙස ඉල්ලා සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ලිපි අතේ නැතත් දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළුවීමට කැමති ඕනෑම සැදැහැවතෙකුට ඒ සදහා අවස්ථාව හිමිවන බවත් ප්‍රකාශ කල සේක.
මෙම නිවේදනයත් සමගම මහත් සතුටට පත්වූ සැදැහැවතුන් දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළුවීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඔවුන්ට අවස්ථාවක් ලබා දීම අගයනු ලැබූහ.
පසුගිය ජනවාරි 5 වෙනි සෙනසුරාදා සවස, කලින් දැනුම් දීමක් නොමැතිව, හදිසියේම සැදැහැවතුන් අමතා දර්ශණ දේව මන්දීරය තුලට පිවිසීමට සැදැහැවතුන්ට විශේෂ අවස්ථාවක් ලබා දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඡායාරූපයක් ඉහළින් ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී සැදැහැවතුන් රතු පෙට්ටියට ලිපි දමන අයුරුත්, යාච්ඤා කරන අයුරුත් පහත ඡායාරූප මගින් ද ඔබට දැකගත හැකියි