අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් 2019 නව වසරට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුර තුල පවත්වනු ලැබුවේ. ජාති, ආගම් භේදයකින් තොරව විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි බැතිමතුන් රැසකගේ ද බැතිමත් සහභාගිත්වයෙනුයි.
නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට අවනත වෙමින් තනනු ලැබ, අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කර පසුගිය අගෝස්තු 11 වෙනි දා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේම සුරතින් ආසිරි ගන්වනු ලැබූ නව දර්ශණ දෙව් මැදුරේ පවත්වනු ලැබූ ප්‍රථම නව අවුරුදු ආසිරි මංගල පූජාව එය විය.
සියල්ලන්ටම නව අවුරුදු ප්‍රාර්ථනා කරමින් දිව්‍ය පූජාව ආරම්භ කරනු ලැබූ හැට දෙහැවිරිදි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නිල් සහ සුදු වර්ණ මිශ්‍රවූ පූජා ඇදුම්වලින් සැරසී සිටියහ.
මෙලොව ජීවිත ගමනට මෙන්ම මරණයෙන් පසු ජීවිතය වෙනුවෙන් ද, පින සහ පව ගැන පහදා දෙමින්, යහ මග කියා දෙන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, නව අවුරුද්දේ උන්වහන්සේට සවන් දීම සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි සැදැහැවතුන් අමතා, තව තවත් ජනතාව පාපයෙන් ඈත් කර, පිනට ලගා කරවමින් මෙවර විශේෂයෙන්ම ප්‍රකාශ කර සිටියේ මග තොට දී අපට අත දිගුකර යමක් ඉල්ලා සිටින යාචකයන් වෙනුවෙන් අප කෙලෙස ක්‍රියා කල යුතුද යන්නයි. මෙවැනි අවස්ථාවල දී ඇතැම් අය පින් සිදු කරගන්නා අන්දම මෙන්ම, වැඩි දෙනෙක් පවු සිදුකර ගන්නා අන්දම ද උන්වහන්සේ පැහැදිලි කලේ උදාහරණයන් ද ඉදිරිපත් කරමිනුයි.
2019 වන වසරේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පඩුරු පිළිගැන්වීම සදහා ද උන්වහන්සේගේ බැතිමතුන් රැසක් ම මෙවරත් මහත් ශ්‍රද්ධාවෙන් මෙන්ම දැඩි සතුටකින් ද යොමුවී සිටීම විශේෂත්වයක්. බැතිමතුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත දක්වන්නේ දැඩි ආදරයක්, දැඩි භක්තියක්.
නව අවුරුද්දේ සියළු දනන් වෙත ආශිර්වාදය පතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල පවත්වනු ලැබුවේ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී පතුල් සටහන් ශ්‍රී සළුව තැන්පත් කර ඇති ප්‍රධාන පූජාසනය මතයි.
නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ ලබා ගැනීමට අවස්ථාවක් ලැබීම සැදැහැවතුන් සලකන්නේ නව වසරේ එය ඔවුන්ට අත් වන විශේෂ වරප්‍රසාදයක් ලෙසටයි. උදාවූ වසරේ ඔවුන්ට ලැබෙන ප්‍රථම ආහාරය ලෙසින්, අපොස්තුළුතුමෙකුගේ සුරතින් දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ ලබා ගැනීම සැබවින්ම ඔවුන්ට වාසනාවකි. ඒ බවට සැදැහැවතුන් තම ජීවිතයන්ගෙන් ම අත්දැකීම් ලබා ඇත.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙයට සහභාගිවන සියළුම සැදැහැවතුන් බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව බලාපොරොත්තුවන්නේ දිව්‍ය පූජා මෙහෙය අවසානයේ දානය කරනු ලබන අපොස්තලික ආශිර්වාදයයි. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතින්ම ලැබූ වරමින් දානය කරනු ලබන නව වසරේ අපොස්තලික ආශිර්වාදය සැදැහැ දනන්ගේ ජීවිත ගමනට සුවිශාල වරප්‍රසාදයක් බව දන්නා ඔවුන් වෙත, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද, නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජාව අවසානයේ නව අවුරුදු සුභ පැතුම් සමග උන්වහන්සේගේ අපොස්තලික ආශිර්වාදය ද දානය කල සේක.
මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ද නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණය වූ දර්ශණ දෙව්මැදුර තුල, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් පවත්වනු ලැබූ 2019 නව වසරට ආශිර්වාද පැතීමේ දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන්ය