පසුගිය දා අතිනත ගත් ජාඇල රංග ප්රසාද් තරුණ මහතාත් සදුනි දිලීකා තරුණ මෙනවියත් අතිනත ගැන්වීමේ සරණ මංගල මෙහෙයේ දී ඔවුන් අමතා දේශණයක් කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ප්රකාශ කරනු ලැබුවේ, දෙදෙනාට වෙන වෙනම උපන් දිනයන් ඇතත්, මින් ඉදිරියට දෙදෙනා එක්ව සැමරිය යුතු, දෙදෙනාටම පොදු උපන් දිනය වන්නේ ඔවුන් විවාහ දිවියට ඇතුළු වූ ජනවාරි 17 වෙනි දිනය බවයි.
නව යුවල අතිනත ගන්වා ආසිරි ගැන්වීමේ දේව මෙහෙය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් සිදු කෙරුන අතර, දරුවන් අත්හැර දමා, දැන් අසරණව ජීවිතයේ සැදෑ සමය ගෙවන මේ අසරණ අම්මලා තාත්තලා මේ පින් බර යුවලගේ මංගල දේව මෙහෙයට සහභාගි වූයේ සතුටු කදුළු දෑස් හි පුරවා ගෙනය.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නව යුවල අමතා කල අනුශාසනය අසා සිටි ඇතැම් මහළු මවු පියන් පැවසුවේ ‛අනේ අපේ දරුවන්ටත් ඒ වචන ටික අසාගන්නට තිබුණානම්’ කියාය.
රුපියල් ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් සහ සමහර උදවිය රටට ම නය වී තම පොහොසත්කම පෙන්නුම් කරමින් කරගන්නා ‛කසාද’ වැඩිකල් නොගොස් ‛දික්කසාද’ බවට පත්වීමේ ශෝචනීය පුවත් නිරතුරුවම අසන්නට ලැබෙන බව පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සමහර අඹු සැමියන් උසාවිය දක්වා ම ගොස් ප්රසිද්ධියේම දික්කසාද වන අතර, තවත් බොහෝ අඹු සැමියන් එකම ගෙදර ජීවත්වන්නේ දික්කසාද වූවන් ලෙසින් බවත්, සියයට අනූපහක් ම මේ අනුව දික්කසාද වී ඇති බවත් පැවසූ සේක. කල්පනා කර බලන විට එසේ වන්නට හේතු 22 ක් බලපාන බව උන්වහන්සේගේ අදහස බැව් පවසා, ඒ සියල්ලක් විස්තර කරන්නට කාලයක් නොමැති අතර, කරුණු කාරණා සයක් නව යුවලට විස්තර කර දෙමින්, ඒ අනුව කටයුතු කිරීමට අවවාද කරනු ලැබූහ.
පුරා අවුරුදු 15කටත් වැඩි කාලයක සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන්ට සහභාගිවන, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දේශණයන්ට සවන් දෙන මේ නව යුවල ආදරයෙන් බැදුනේ ද මේ අතරේ දීය. ආදර පියෙකු ලෙසින් ‛රංග පුතා’ සහ ‛සදුනි දුව’ යනුවෙන් ඔවුන් අමතමින් සුහද ලෙසින් ඔවුන් අසලම වාඩිවී දේශණය කරනු ලැබීම බොහෝ දෙනාගේ ප්රශංසාවට ලක්විය.
රංග ප්රසාද් මහතා සහ සදුනි දිලීකා මෙනවිය අතිනත ගැනීමේ දේව මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නව යුවල අමතා සිය දේශණය පැවැත් වූ අවස්ථාවයි මෙම ඡායාරූප මගින් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ
සම්පූර්ණ දේශණයට මෙතනින් සවන් දෙන්න