පාස්කු ඉරුදිනයේ අප ශ්රී ලංකාවේ දේවස්ථාන කිහිපයක සහ හෝටල් කිහිපයක ද සිදුවූ පිපිරීම් සම්බන්දව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය බලවත් ශෝකය ප්රකාශ කර සිටින්නාහ.
2019 අප්රියල් 21 වෙනි ඉරුදින සවස නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ප්රකාශ කර සිටියේ, සියළු ක්රිස්තියාණි ජනතාවට උතුම් දිනයක් වූ පාස්කු ඉරුදිනය ලෙයින් තෙත් කර කෙලෙසීම කරනු ලැබූ දෑත් හිමි වූවන් කිසිදු ආගමකට අයිති වූවන් ලෙස සැලකිය නොහැකි බවයි. කිසිවෙකුට සිතුවිල්ලකින් හෝ වචනයකින් හෝ ක්රියාවකින් හිංසා කිරීමට රුකුල් දෙන්නා වූ කල්ලියක් හෝ කණ්ඩායමක් හෝ පිරිසක් වේ නම් එතන ධර්මයක් නැති බව ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා වැඩි දුරටත් ප්රකාශ කලහ.
මියගිය සියල්ලන් වෙනුවෙන් යාච්ඤා කරන බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මේ ප්රහාරය හේතුවෙන් තුවාල ලබා වේදනා විදින කුඩා දරුවන් ඇතුළු සියළු සහෝදර ජනතාවට සහනය සැනසීම සූවය පතා යාච්ඤා කරන බව ද ප්රකාශ කල සේක.