‛‛දෙමාපියන් වශයෙන් ඔබ ඔබගේ දරුවන්ට ආදරය කළ යුත්තේ දරුවන්ව හැකිතාක් අමතර පන්ති හෙවත් ටියුෂන් වෙත තල්ලු කර යැවීමෙන් නොවෙයි. ඔබගේ දරුවන්ට යහපත් ලෙස ජීවත් වීමේ රහස උගන්වන්න. මේ ලෝකය තුළ ඔවුන් ලොකු මිනිසුන් කිරීම නොව, යහපත් මිනිසුන් ලෙසින් නිර්මාණය කිරීමේ වගකීම දරන්න. ඔබේ දරුවන් ද තවත් අනිත් දරුවන් මෙන්ම යම් දිනක මිය යන බව අමතක කරන්න එපා. මෙලොව ජීවිතය පමණක් නොව එලොව ජීවිතය යහපත් වනු සඳහා ද ඔවුන්ට මඟ පෙන්වන්න’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ 2019 ජූලි 28 වන ඉරුදින ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපෝස්තුලු උයනේ දී සිද්ධස්ථාන දායක සාමාජිකයන් අමතමිනුයි.

 

තවදුරටත් ඔවුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙලෙසින් ද ප්‍රකාශ කළ සේක.

 

‛‛ඔබේ දරුවා පිළිබඳව නිහඩ තැනකට වී ටික වේලාවක් කල්පනා කරන්න. ඔබේ දරුවා කවුදූ? කුමන ස්ථානයක සිට ඔබ වෙතට පැමිණියා ද? යම් දවසක ඔබව ද අතහැර ඔහුගේ ශරීරය ද අතහැර යන්නේ කුමන ස්ථානයකට ද? කවුරුන් වෙතට ද?…….මේ ගැන නිහඩව කල්පනා කරන්න. ඊට ද ඔබේ දරුවාව සූදානම් කරන්න. කුඩා කාලයේ පටන්ම පාපයට ලැජ්ජාවත් බියත් වටහා දෙන්න. පින් පව් ගැන වටහා දෙන්න. පවින් ඈත්කර ඔබේ දරුවාව පිනට යොමු කරන්න. උදේ සිට රාත්‍රී දක්වා දරුවාව ටියුෂන් යවන අම්මා තාත්තාට වඩා තම දරුවාව ධර්ම මාර්ගයේ ගමන් කරවා, ඔවුන්ට ධර්ම මාර්ගය පෙන්වා දෙන්න. යහපත් දෙමව්පියන් කියන වචනයේ අර්ථය එයයි. බලන්න, රූපවාහිනියේ ගුවන්විදුලියේ ධර්ම දේශණයක් විකාශණය වන විට, මොන අම්මාද මොන තාත්තාද තමන්ගේ දරුවන්ට කියන්නේ, පුතේ, දුවේ ඇවිත් බලන්න ලස්සන ධර්ම දේශණාවක් යනවා කියලා. අද සමාජයේ දෙමව්පියන් තම දරුවන්ව අධ්‍යාපනයේ තරගකාරීත්වයට යොමුකිරීමට දරන වෙහෙස, තම දරුවන්ව ධර්මය දැන ගැනීම සඳහාත් යොදවනවාද? තම දරුවන්ව මෙවැනි ධර්ම කටයුතු සදහා දෙමව්පියන් නිතරම උනන්දු කළ යුතුයි. යහපත් දෙමව්පියන් යනු තමන්ගේ දරුවාට ඉල්ලන ඉල්ලන දේ ලබා දෙන, පොත පතට, අධ්‍යාපනයට පමණක් තම දරුවන්ව සීමා කරන දෙමාපියන් නොවෙයි. තම දරුවන්ට ධර්මයේ අගය කියාදෙන දෙමව්පියනුයි යහපත් දෙමව්පියන් කියලා හඳුන්වන්නේ.’’

 

තව දුරටත් කතා කරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා යහපත් අම්මා සහ යහපත් තාත්තා යනුවෙන් සැලකිය හැකි දෙමාපියන් කවුරුන්දැ යි මෙලෙස පැහැදිලි කල සේක.

 

‛‛බොහෝ දෙමවුපියන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ව වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, නීතීඥයෙක් කරන්න, වගේ සමාජයේ ඉහල පෙලේ රැකියාවක් කිරීම සඳහා, ඒ දරුවන්ව අධ්‍යාපනය තුළින් මේ සමාජයේ තරගකාරී මාවතකට තල්ලු කිරීමටයි. එහෙත් මතක තියාගත යුතු කරුණ වන්නේ තම දරුවනුත් මේ ජීවිත සමය අවසන් කර අනාගතයේදී යම් කිසි දවසක මිය යන බවයි. එදාට ඔවුන්ට ඔවුන්ගේ මුළු ජිවිත ගමන ම ජය ගත හැකි අන්දමේ ධර්ම මාර්ගය කුඩා කල සිටම පෙන්නුම් කර දීම, පින සහ පව අවබෝධ කර දීම යහපත් දෙමව්පියන්ගේ මූලික වගකීමක්. යහපත් අම්මා සහ යහපත් තාත්තා යනු එලෙස ක්‍රියා කරන දෙමව්පියනුයි. ඒ නිසාම තම දරුවන්ට ධර්මයේ අගය අවබෝධ කල යුතුයි. පින සහ පව හදුනා ගැනීමට මග කියා දිය යුතුයි. සමාජයට යහපත් පුරවැසියෙක් බිහි වනවා කියන්නේ ගුණධර්මවලින් සාරධර්මවලින් පිරිපුන් එවැනි දරුවෙකු බිහි වීමයි. ඒ තුළින් තමයි මේ සමාජය ලස්සන වෙන්නේ. ඒ සඳහා දරුවන්ට කුඩා කල සිටම දෙමව්පියන්ගේ මග පෙන්වීම වගේම ජීවිත ආදර්ශයත් ගොඩාක් වැදගත් වෙනවා. මේ සඳහා මග පෙන්වන දෙමව්පියන් තමයි යහපත් දෙමව්පියන් කියලා හඳුන්වන්නේ.’’

 

ජූලි 28 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන දායක සාමාජිකයන් අමතනු ලැබීමෙන් පසුව, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේ උන්වහන්සේ වටා රොක් වූ ඔවුන් සමග සුහද පිළිසදරකට එක් වූ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka

 

Apostle of Sri Lanka