අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන උපන් දින සංවත්සරය වෙනුවෙන් පුද දෙනු ලැබූ මංගල දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ 2014 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි.
මැදියම් රැය ද නොතකා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ ජනතාවගේ සහභාගිත්වයෙන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී මංගල දිව්‍ය පූජාව සිදු කරනු ලැබූ සේක.
දිව්‍ය පූජාවෙන් පසුව ජනතාව හමුවට පැමිණි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, සිය 57 වන උපන් දිනය වෙනුවෙන් සිද්ධස්ථාන පාලක කමිටුව විසින් සූදානම් කර තිබූ කේක්එක කපනු ලැබුවේ, ශුභ උපන්දිනයකට ගැයෙන ගී සහ රැස්ව සිටි සැදැහැවතුන්ගේ අත්පොලසන් හඩ ද මධ්‍යයේයි.
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය 57 වන උපන් දින සංවත්සරය වෙනුවෙන් සකස් කර තිබූ උපන් දින කේක්එක කපනු ලැබූ අවස්ථාව ඡායාරූප මගින් ඔබට මෙහි දැක ගත හැකියි









