අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ‛අපොස්තුළු තුමෙකු’ ලෙස මෙලොව ගත කල වසර 37 ක සංවත්සරය සිහිපත් කරමින් නුවරඑළියේදී පවත්වනු ලැබූ දේශණයට සවන් දීම සඳහා පැමිණ සිටි අපොස්තලික සේවා නිලධාරීන් වෙත සිය අපොස්තලික සංවත්සරය සමරමින් සිහිවටන කාඩ්පත් බෙදා දුන් අතර, දේශණය නිමවා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා ශාලාවෙන් පිටත්ව ගිය පසු නිලධාරීන් උන්වහන්සේගේ සුරතින් ලද සිහිවටන කාඩ් පත් කියවමින් සිටියේ දැඩි උනන්දුවකිනි.

 

එම සිහිවටන කාඩ්පත්වල පළමුවෙනි පිටුවේ සඳහන්ව තිබුනේ, අති පාරිශුද්ධ අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය, (07 – 02 – 1975)  –  (07 – 02 – 2012) යනුවෙනි.

 

දෙවන පිටුවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපොස්තුළු තුමන්ලා වෙත ප්‍රකාශ කරනු ලැබූ අනාවැකියක් සඳහන්ව තිබූ අතර, එම අනාවැකිය වූයේ මෙයයි. ‛‛මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිසය. ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබව මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැයි සිතන කාලයක් පැමිණෙන්නේය. ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේද මා ද නොහඳුනන බැවිනි. තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටුවන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහිවන පිණිසය’’ (ජුවාම් 16/ 1-4) ජේසුස් ස්වාමින් වහන්සේගේ එම අනාවැකිය අවසානයේ මෙම වාක්‍යය සඳහන්ව තිබුණි, මේ අනාවැකිය එලෙසින්ම ඉටුවී ඇත. අද ද මෙම අනාවැකිය මෙලෙසින්ම ඉටුවෙමින් පවතී.

 

තුන්වන පිටුවේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ආශිර්වාද පණිවිඩයක් මෙසේ සඳහන්ව තිබුණි. මාගේ දයාබර ගුරුදේවයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ අති පාරිශුද්ධ අපොස්තුළුවරයට මා තෝරාගෙන වසර 37 ක් සපිරෙන අද දින හෘදයංගම සෙනෙහසින් යුතුව මාගේ අපොස්තලික ආශිර්වාදය ඔබට දානය කරමි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා – 2012 පෙබ්‍රවාරි 7 වෙනි දින, ශ්‍රී ලංකාවේ නුවරඑළියේ දී

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරා ගනු ලැබූ ප්‍රථම අපොස්තුළු තුමන් වන, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමන් ලියනු ලැබූ, ශුද්ධවු බයිබලයෙන් උපුටාගත් මෙම වාක්‍යය සතර වෙනි පිටුවේ සඳහන් විය. ‛‛ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් ද, දෙවියන් වහන්සේගේ අභිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය’’ (1කොරින්ති 4/1)

 

අපොස්තුළුවරයේ 37 වන සංවත්සරය සමරා අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා බෙදාදෙනු ලැබූ සිහිවටන කාඩ්පත් කියවමින් සිටින අපොස්තලික සේවා නිලධාරීන්ගෙන් කොටසක් පහත ඡායාරූප මගින් දැකගත හැකියි