මීට අවුරුදු 46 කට පෙර නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ප්‍රථම වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූ අතර, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ ප්‍රථම අවස්ථාව ද එය විය.

 

1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ වන විට 23 වතාවක් ශුද්ධෝත්තම 14 වෙනි අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වී ඇති අතර මෙම වසර 46 ක කාලය තුල එතුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත විශ්වාසයෙන් පැමිණි දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ට පිළිසරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙම සිද්ධස්ථානය, ‛‛හාස්කම් සිද්ධස්ථානය’’ ලෙසින් ජනතාව විසින්ම හදුන්වන්නට යෙදුනි.

 

මෙතෙක් ගෙවී ගිය සතලිස් සය වසරක් තුල මහත් විස්කම් පෑ අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වෙත තුති පුදමින් සහ අපගේ අයැදුම් ද ඔප්පු කරමින් පෙබ්‍රවාරි 6 වෙනි දින සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව අභියස දී ජපමාලය පුද කිරීමට සැදැහැවතුන් මහත් බලාපොරොත්තුවෙන් බලා සිටිති.

 

මෙම දිනයේ අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව පාමුළ තබා ඇති රතු පෙට්ටිය තුලට ඔබගේ අයැදුම් ලිපි දැමීමට අවස්ථාව හිමිවනු ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානයේ, දී නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වූ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත ජේසු බිළිදුන් අත දරා වැඩ සිටින දෙව් මවු ප්‍රතිමාව ද, දර්ශණ ඉටිපහන් දල්වන සැදැහැවතුන් ද ඔබට මෙහි ඡායාරූප මගින් දැකගත හැකියි