විවිධ අපහසුකම් හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තම පාසැල් කටයුතු කරගෙන යන බංගලාදේශයේ පාසැලක සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සම්පූර්ණ මාසයක් පුරා ඔවුන්ට අවශ්‍ය ආහාර පසුගියදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිරිනමනු ලැබීය. ආහාර පමණක් නොව පාසැලට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍යයන්ද, එම පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ අනුග්‍රහයෙන් පිරිනමනු ලැබීය.

 

අන්තර් ජාතික සිංහ සමාජයේ, බංගලාදේශයේ, ඩකාහි, දිස්ත්‍රික්ක 315 බී1 ශාඛාව මගින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා මෙම පරිත්‍යාගය කරනු ලැබූ අතර, මේ සඳහා උන්වහන්සේ තෝරාගනු ලැබුවේ, බංගලාදේශයේ, ඩකාහි, ‛උත්තර’ නමැති ග්‍රාමයේ, ‛මා හාආඩ්’ නැමැති පාසැලයි.

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මේ මහා පරිත්‍යාගය සඳහා අවශ්‍ය මුදල් චෙක්පත ද රැගෙන පසුගියදා අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා බංගලාදේශය වෙත ගිය අතර, ඒ මහතා විසින් බංගලාදේශයේ, ඩකාහි, දිස්ත්‍රික්ක 315 බී1 ශාඛාවේ, ආණ්ඩුකාර හා ජාත්‍යන්තර සාමාජික කණ්ඩායමේ කොට්ඨාශ ප්‍රධානි නුස්මුල් හක් මහතා වෙත ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ චෙක්පත භාරදෙනු ලැබුවේ ඩකාහි ප්‍රධාන හෝටලයකදීය.

 

මෙම අවස්ථාවේ දී නුස්මුල් හක් මහතා විසින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ මනුෂ්‍යත්වය පිළිබඳව ප්‍රශංසා කරමින් හා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත ඔහුගේ ගෞරවය සංකේතවත් කරමින්, අන්තර් ජාතික සිංහ සමාජයේ සමරු තිළිණයක් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත පිළිගන්වන ලෙස ඉල්ලා, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතාට භාරදෙන ලදී. සිංහ සමාජයේ අන්තර් ජාතික ආණ්ඩුකාර ජෝසප් (ජෝ) පෙරෙස්ටේන් මහතා විසින්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මේ මහඟු පරිත්‍යාගය අගය කරමින්, ඔහුගේ කෘතගුණ සංකේතවත් කරමින් විශේෂ සන්නසක් ද, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත පිළිගැන්වීම සඳහා, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතාට භාර දෙන ලදී.

 

2015 ඔක්තෝම්බර් 8 වෙනිදා ‛මා හාආඩ්’ පාසැලේ සියළුම ගුරුවරු සහ ගුරුවරියන් ද, බංගලාදේශයේ රාජ්‍ය නියෝජිතයන්ද, බංගලාදේශයේ ඩකාහි, දිස්ත්‍රික්ක 315 බී1 ශාඛාවේ, සිංහ සාමාජික සාමාජිකාවන්ගේද සහභාගිත්වය ඇතිව, නුස්මුල් හක් මහතාගේ සංවිධායකත්වයෙන්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පරිත්‍යාග බෙදා දීම සඳහා ‛මාහාආඩ්’ පාසැලේ පවත්වනු ලැබූ උත්සවයේ දී, සියල්ලන්ගේම නොමඳ ස්තූතිය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත ප්‍රකාශ විය. පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් ද මෙම උත්සවයට එක්වී සිටි අතර, තම දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා කල පරිත්‍යාගයට ඔවුන් උන්වහන්සේට ප්‍රශංසා කලේ කඳුළු පිරි දෑසිනි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා විසින්, බංගලාදේශයේ දුෂ්කර පාසලක් තෝරාගෙන එහි සිසු දරු දැරියන් වෙත මෙතරම් විශාල පරිත්‍යාගයක් කරනු ලැබුවේ, උන්වහන්සේගේ පුද්ගලීක ධනයෙන් වීම විශේෂත්යකි.

 

බංගලාදේශයේ, ඩකාහි, දිස්ත්‍රික්ක 315 බී1 ශාඛාවේ, ආණ්ඩුකාර හා ජාත්‍යන්තර සාමාජික කණ්ඩායමේ කොට්ඨාශ ප්‍රධානි නුස්මුල් හක් මහතා වෙත ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ චෙක්පත, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසින් භාරදුන් අවස්ථාව ඉහත ඡායාරූපයෙන් දැක්වෙන අතර, පහත ඡායාරූපවලින් දැක්වෙනුයේ, 2015 ඔක්තෝම්බර් 8 වෙනිදා ‛මා හාආඩ්’ පාසැලේ සියළුම ගුරුවරු සහ ගුරුවරියන් ද, බංගලාදේශයේ රාජ්‍ය නියෝජිතයන්ද, බංගලාදේශයේ ඩකාහි, දිස්ත්‍රික්ක 315 බී1 ශාඛාවේ, සිංහ සාමාජික සාමාජිකාවන්ගේද සහභාගිත්වය ඇතිව, නුස්මුල් හක් මහතාගේ සංවිධායකත්වයෙන්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පරිත්‍යාග බෙදා දීම සඳහා ‛මාහාආඩ්’ පාසැලේ පවත්වනු ලැබූ උත්සවයේ අවස්ථාවන්ය