වසරක් ගෙවී යයි. අළුත් වසරක් උදාවෙයි. 2015 අපගේ පරණ අවුරුද්ද බවට පත්වෙමින්, 2016 අපගේ අළුත් අවුරුද්ද ලෙස අප හමුවට ක්‍රමයෙන් ලඟා වෙමින් පවතියි. උදාවන 2016 අළුත් අවුරුද්ද අපට කෙසේ වෙයිද? අපගේ විශ්වාසය, ආකාශයේ ග්‍රහ වස්තූන් කෙරෙහි නොව, අප ආදර මරිය මවු තුමිය කෙරෙහිය. එසේනම් අපි සැම දයාබර මරිය මවු තුමිය කෙරෙහි අවංක විශ්වාසය තබා, 2016 නව වසර පිළිගනිමු, 2016 නව වසරට පා තබමු.

 

අපගේ මේ සියළු බලාපොරොත්තු එකට පොදි වෙමින්, අපගේ හදවත් මරිය මවු තුමිය මගින් ජේසු තුමන් වෙත ඔසවාලමින්, උදාවන 2016 නව වසර තුල අපට අවශ්‍ය ජේසු තුමන්ගේ ප්‍රේමයත්, නිර්මල මරිය තුමියගේ ආරක්ෂාවත් ප්‍රාර්ථනා කරමින්, නව අවුරුදු දිව්‍ය පූජාව දෙසැම්බර් 31 වෙනි දින, රාත්‍රී 11.30 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වේ.

 

මෙවර නව අවුරුදු ආසිරි දිව්‍ය පූජාවේ විශේෂත්වය වන්නේ, පසුගිය නත්තල් රාත්‍රී දිව්‍ය පූජාව අවස්ථාවේ දී, ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ සුරතින් ආශිර්වාද කරනු ලැබූ, නිර්මල කන්‍ය මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව අභියස දී නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙය සිදු කිරීමයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී, නිර්මල කන්‍ය මරිය තුමියගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාව ආසිරි ගන්වනු ලැබූ අයුරු ඉහත ඡායාරූපයෙන් ඔබට දැකගත හැකියි