වසරක් නිමා වී 2018 නව වසරට ආසිරි පැතීමේ දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ආරම්භ වූයේ 2017 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.30 ටයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම නව අවුරුදු දිව්‍ය පූජාව සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන්ගෙන් සිද්ධස්ථානය පිරී ඉතිරී ගොස් තිබූ අතර ක්‍රිස්තියාණි සැදැහැවතුන් පමණක් නොව විවිධ ආගමික විශ්වාසයන් දරන්නෝ ද ඒ අතර වීම කැපී පෙනුනි.

 

නව වසරක උදාවත් සමගම අපොස්තුළුතුමෙකුගේ ආශිර්වාදය ලබාගැනීම ඔවුන්ට ලොකු සෙතක් බව දන්නා මෙන්ම එවන් ආශිර්වාදයක් ලබා ගැනීම ද ඔවුන්ගේ පිනක් බව දන්නා සැදැවත් ජනතාව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය තුල රොක් වී සිටිනු දක්නට හැකි විය. සීතල මැදියම් රැයද නොතකා පැමිණ සිටි කුඩා අත දරුවන් මෙන්ම වයස්ගත වූවන් ද ඒ අතර විය.

 

2018 නව වසර උදාවත් සමග ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පූජාසනයේ සිට සිය දෝත් ඔසවා ‛‛මෙන්න 2018 නව වසර. ඔබ සියළු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා’’ යි ප්‍රාර්ථනා කල සේක.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පවත්වනු ලැබූ 2018 නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන් කීපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි