දේවමාතා වහන්සේ මේ ලෝකයට දර්ශණය වීම සදහා තෝරාගනු ලැබූ පූජනීය සිද්ධස්ථානයක් වන ශ්‍රී ලංකාවේ පිහිටි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට මේ වන විට දේවමාතා වහන්සේ විසිතුන් වතාවක් වැඩම කර තිබෙන අතර පණිවිඩ රාශියක් පවසා ඇත්තාහ.
අද මහත් හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇති මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි අදටත් ජීවත්වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දේවමාතා වහන්සේව උන්වහන්සේගේ ම දෙනෙතින් දැක ගැනීමට ද, එතුමිය හා කතාබස් කිරීමට ද සුවිශේෂී වාසනාව ලබා සිටින අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට දර්ශණය වී පත් කරනු ලැබූ ලොව දෙවන අපොස්තුළුතුමා වේ.
දේවමාතා වහන්සේ දර්ශණය වී ප්‍රකාශ කර ඇති පණිවිඩ අතර ජපමාලය පිළිබදව ද එතුමිය ප්‍රකාශ කර ඇත්තාහ. ජපමාලය උච්චාරණය කිරීමේ අවශ්‍යතාවය එතුමිය පෙන්වා දී ඇත්තාහ. මේ නිසාම සෑම මාසයකම පළමුවන සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ජපමාලය උච්චාරණය කරනු ලබන අතර මෙම 2017 වසරේ අවසාන මාසය වූ දෙසැම්බර් මාසයේ පළමුවන සෙනසුරාදා වූ දෙසැම්බර් 2 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ජපමාලය උච්චාරණය කිරීම සදහා සැදැහැවතුන් මහත් බැතියෙන් යුතුව, ආගම් භේදයකින් තොරව රැස්ව සිටියේ උදෑසන සිට ඇදහැළුන මහා වැස්ස ද නොතකමිනි.
ජපමාලය උච්චාරණය කිරීමට පෙර සැදැහැවතුන් ආගම් භේදයෙන් තොරව දේවමාතා වහන්සේගේ ප්‍රතිමාව පාමුල ජපමාල ඉටිපහන් දැල්වූ ආකාරය මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි