අමතක කල නොහැක දෙව් මවු ජීවමාන වූ ඒ දවස (2025 ඔක්තෝම්බර් 18)

නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුල පසුගිය (2025) ඔක්තෝම්බර් 18 වෙනි සෙනසුරාදා සවස සිදුවූ විස්මිත සිදුවීම කෙසේවත්, කෙදිනකවත් අමතක කරන්නට බැහැ.   ඒ විස්මිත සිදුවීම නම්, දර්ශණ දෙව්මැඳුර තුල ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවෙන් නොකඩවා පැය අටක් පුරා පිච්ච මල් සුඝන්ධය පැතිරීමයි….