ශුද්ධවූ බයිබලයේ සඳහන් වන්නාවූ පූජනීය වැදගත් කමක් ඇති ස්ථාන දැක බලා ගැනීම සඳහා ඊශ්රායලයේ ශුද්ධවූ දේශය කරා අපොස්තලික වන්දනා චාරිකාවක නියැලුන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, බෙත්ලෙහෙමේ ජේසු බිළිඳු උපන් ස්ථානය දැක ගැනීමටද ගියහ.

 

මෙම ස්ථානය පිළිබඳව, ශුද්ධවු බයිබලයේ, ශුද්ධවූ ලූක් තුමාගේ සුවිශේෂයෙහි මෙසේ සඳහන්ව ඇත. ,තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියළු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිනි….. ජෝසෙප්ද දාවිත්ගේ වංශයට හා පෙලපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ ගිවිසුම් දුන් ගැබ්ගෙන සිටි මරිය තුමි සමග ලියා පදිංචි වන පිණිසය. තවද ඔවුන් එහි සිටියදි ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. ඈ කුළුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, තානායමෙහි ඉඩකඩ නොතිබුන බැවින්, ගව ඔරුවක බෑවූවාය… (ලූක් 2/1.4-7)

 

බෙත්ලෙහෙම් නගරය ඔලිව් ගස් සහ සයිප්‍රස් ගස්වලින් ගහන ප්‍රදේශයකි. එදා ගවහලක්ව තිබූ බෙත්ලෙහෙමේ ජේසු තුමන් උපන් ස්ථානය, අද විශාල බැසිලිකා දෙව් මැඳුරක් වන අතර, එය අයත් වන්නේ ඕතඩොක්ස් සභාවට බැවින්, එම සභාවේ පූජකවරු මෙය මනා ලෙස පාලනය කරති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙහි ඉපදුන දිනය ශුද්ධවූ ලියවිල්ලෙහි සඳහන් නොවන අතර, එම දිනය ඇත්තෙන්ම නිශ්චිතව කිව නොහැක. ලොව පුරා විවිධ කිතුණු සභාවන් ජේසු තුමන්ගේ උපන්දිනය, වසරේ විවිධ දිනවල සමරණු ලබයි. කිතුණු සභාවන් වැඩි සංඛ්‍යාවක් දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රීයේදී ජේසු උපත සිහිපත් කරන කරන අතර, බෙත්ලෙහෙමේ ජේසු තුමන් උපන් ස්ථානය පාලනය කරන ඕතඩොක්ස් සභාව ජේසු තුමන්ගේ උපන් දිනය ලෙස සලකනු ලබන්නේ සෑම වසරකම ජනවාරි 6 වෙනිදායි. සෑම වසරකම එම දිනයේදී ජේසු තුමන් උපන් ස්ථානයේහි, ඕතඩොක්ස් සභාවේ පූජකවරු විසින් විශේෂ වත්පිලිවෙත් සිදු කරනු ලබයි. ආර්මේනියන් සභාව ජේසු තුමන්ගේ උපත සිදුවූ දිනය ලෙස සලකනු ලබන්නේ සෑම වසරකම ජනවාරි 18 වෙනිදායි.

 

ජේසු තුමන්ගේ උපන් දිනය පිළිබඳව එසේ විවිධ දිනයන් ඉස්මතු කලද, උන්වහන්සේ උපන් ස්ථානය ලෙස සැවොම එකලෙස පිලිගන්නා ස්ථානය බෙත්ලෙහෙමේ පිහිටා ඇත. ලොව පුරා විසිරි ඇති දහස් සංඛ්‍යාවක් වන කිතුණු සභාවල සාමාජිකයෝ ජේසුතුමන් උපන් මෙම ස්ථානය වන්දනා කිරීමට, සෑම දිනකම දහස් ගණනින් පැමිණෙති.

 

ජේසු තුමන් උපන් ස්ථානය දැක ගැනීමට නැවත වරක් ජේසු තුමන් එහි ගිය බවක් වාර්තා වී නොමැත. එසේම උන්වහන්සේගේ අපොස්තුළුවරුන් දස සතරදෙනා අතරින් දස තුන් දෙනෙක්ම තම ගුරුදේවයාණන් වන ජේසු තුමන් උපන් ස්ථානය දැක ගැනීමට බෙත්ලෙහෙමේ මෙම ස්ථානයට ගිය බවක්ද වාර්තා වී නොමැත. කෙසේ වෙතත් ජේසු තුමන් විසින්ම තෝරා පත් කරනු ලැබූ උන්වහන්සේගේ අපොස්තුළුවරු කණ්ඩායමේ දස සතරවෙනි අපොස්තුළුවරයාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, තම ගුරුදේවයාණන් වන ජේසු තුමන්, මරිය තුමියගේ කුසයෙන් මෙලොවට උපන් ස්ථානය දැක ගැනීමට බෙත්ලෙහෙම කරා ගිය ගමන හේතුවෙන්, ජේසු තුමන් උපන් ස්ථානය දැක බලාගෙන වන්දනා කිරීමට එහි ගිය ප්‍රථම අපොස්තුළුවරයාණන් වන්නේ, අප ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ය.

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා තමන් වහන්සේගේ ශුද්ධවූ දේශ වන්දනා චාරිකාවේදී, බෙත්ලෙහෙමේ ජේසු තුමන් උපන් ස්ථානය දැක ගැනීම සඳහා, එම බැසිලිකා දෙව් මැඳුරට යාමට ප්‍රථම එම ගමන් මාර්ගයේ (බැසිලිකා දෙව්මැඳුරට නුදුරින්) පිහිටි පූජා භාණ්ඩ අලෙවි කරන සාප්පුවකට ගොඩ වැදුන අතර, ඇමරිකන් ඩොලර් එකසිය විස්සකට ජේසු බිළිඳු ප්‍රතිමාවක් මිලදී ගත්හ.

 

බෙත්ලෙහෙමේ ජේසු බිළිඳුන් උපන් ස්ථානයේහි හෙවත් මරියතුමී ජේසු බිළිඳුන්ව මේ ලෝකයට ප්‍රසූත කරනු ලැබූ ස්ථානයේහි දැන් ස්වර්ණමය තාරකාවක් ස්ථාපිත කර ඇත.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙම ස්වර්ණමය තාරකාව මත ජේසු බිළිඳු ප්‍රතිමාව අපොස්තලික පිය දෝතින් තැන්පත් කරන ලදී. එම ස්වර්ණමය තාරකාව මත ටික වේලාවක් තැන්පත් කර තබා ආපසු තම දෝතට ගනු ලැබු ජේසු බිළිඳු ප්‍රතිමාවෙන් මෙවර නත්තල් මැදියම් රැයේදී, අපොස්තලික පිය දෝතින් ආශිර්වාදය දානය කිරීමට නියමිතයි.

 

ජේසු තුමන් උපන් ස්ථානයේහි ස්ථාපිත ස්වර්ණමය තාරකාව අසල සිට අඩි කිහිපයක් දුරින් තවත් වැදගත් ස්ථානයක් පිහිටා ඇත. එනම් ජේසු බිළිඳු ඉපදුන සැනින්ම, මරිය තුමි ජේසු බිළිඳුන්ව ඔසවා තබනු ලැබූ ස්ථානයයි.

 

ලූක් තුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ, සතරවෙනි වගන්තියෙන් දැක්වෙන පරිදි මරිය තුමී තම පුත්‍රයාණන් වන ජේසු බිළිඳුන් බිහි කොට, එම බිහි වූ ස්ථානයේහි ඉඩකඩ නොතිබුන බැවින්, ජේසු බිළිඳුන්ව තබනු ලැබූ ගව ඔරුව තිබුන ස්ථානය හෙවත් ජේසු බිළිඳුන් ඉපදුන සැනින්ම, මරිය තුමි ජේසු බිළිඳුන්ව ඔසවා තබනු ලැබූ ස්ථානයේහි ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ද ජේසු බිළිඳු ප්‍රතිමාව දෝතේ දරාගෙන ටික වේලාවක් වාඩිවී සිටි අතර, වසර දෙදහස් පහළොවකට පෙර පළමු නත්තල් රැයේදී මෙම ස්ථානයේදීම මරිය තුමීද ජේසු බිළිඳුන් දෝතේ දරා ගෙන සිටින්නට ඇතැයි අපට සිතේ. ශාස්ත්‍රවන්තයින් තිදෙනා ජේසු බිළිඳුන්ට පක්‍ෂුරු පුද කර ඇත්තේද මෙම ස්ථානයේදී වන අතර මෙම ස්ථානයේදීම මරිය තුමී ජේසු බිළිඳුන් ඇකයේ තබා ගෙන කිරි දුන් බවද කියවේ. ජේසු බිළිඳුන් උපන් ස්ථානය භාරව සිටින ඕතඩොක්ස් සභාවේ පූජකවරුන්, මෙම පූජනීය ස්ථානය රිසිසේ වන්දනා කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට මහා ජනගඟක් මැද සියළුම පහසුකම් සලස්වාදීම ගැන එම පූජකවරුන්ට සිය ස්තූතිය පුද කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අමතක කලේ නැත.

 

 

බෙත්ලෙහෙමේ ජේසු තුමා උපන් ස්ථානයෙහි දැන් ඇති ස්වර්ණමය තාරකාව මත ජේසු බිළිඳු ප්‍රතිමාව තැන්පත් කර ඇති අයුරු, මෙම ජේසු බිළිඳු ප්‍රතිමාව මෙවර නත්තලේදී ඔබට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී දැකගත හැකියි

බෙත්ලෙහෙමේ ජේසු තුමා උපන් ස්ථානයෙහි දැන් ඇති ස්වර්ණමය තාරකාව මත ජේසු බිළිඳු ප්‍රතිමාව තැන්පත් කර ඇති අයුරු, මෙම ජේසු බිළිඳු ප්‍රතිමාව මෙවර නත්තලේදී ඔබට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී දැකගත හැකියි

 

 

ජේසු තුමන් උපන් ස්ථානයෙහි ස්ථාපිත ස්වර්ණමය තාරකාව අසලින් ජේසු බිළිඳු ප්‍රතිමාව තැන්පත් කර ඇති ආකාරය

ජේසු තුමන් උපන් ස්ථානයෙහි ස්ථාපිත ස්වර්ණමය තාරකාව අසලින් ජේසු බිළිඳු ප්‍රතිමාව තැන්පත් කර ඇති ආකාරය

 

 

ගව ඔරුව තිබු ස්ථානයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ජේසු බිළිඳු ප්‍රතිමාව දෝතේ දරාගෙන වාඩිවී සිටි අන්දම ඡායාරූපයෙන් දැක්වේ. පළමු නත්තල් රැයේදී මෙම ස්ථානයේදීම මරිය තුමීත් මෙසේ ජේසු බිළිඳුන්ව දෝතේ දරාගෙන සිටින්නට ඇතිදැයි අපට සිතේ

ගව ඔරුව තිබු ස්ථානයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ජේසු බිළිඳු ප්‍රතිමාව දෝතේ දරාගෙන වාඩිවී සිටි අන්දම ඡායාරූපයෙන් දැක්වේ. පළමු නත්තල් රැයේදී මෙම ස්ථානයේදීම මරිය තුමීත් මෙසේ ජේසු බිළිඳුන්ව දෝතේ දරාගෙන සිටින්නට ඇතිදැයි අපට සිතේ

 

 

ජේසු බිළිඳුන් බිහිවු ස්ථානයෙහි ඉඩකඩ නොතිබුන බැවින් එම ස්ථානයෙහි සිට අඩි කිහිපයක් දුරින් ස්ථානයක මරිය තුමී ජේසු බිළිඳුන්ව ඔසවා තබනු ලැබු ස්ථානයෙහි, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් ද ජේසු බිළිඳු ප්‍රතිමාව ඔසවා තබන ආකාරයයි මේ. ගව ඔරුව තිබුනේද මෙම ස්ථානයේය

ජේසු බිළිඳුන් බිහිවු ස්ථානයෙහි ඉඩකඩ නොතිබුන බැවින් එම ස්ථානයෙහි සිට අඩි කිහිපයක් දුරින් ස්ථානයක මරිය තුමී ජේසු බිළිඳුන්ව ඔසවා තබනු ලැබු ස්ථානයෙහි, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් ද ජේසු බිළිඳු ප්‍රතිමාව ඔසවා තබන ආකාරයයි මේ. ගව ඔරුව තිබුනේද මෙම ස්ථානයේය