ජේසුස් ස්වාමින් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ ප්රදකාශ කෙරුවා මෙන්න මෙහෙම. ‛‛ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නනේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත්, සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වූවද මේ මල් වලින් එකක් සේ සැරසී නොසිටියේ යැයි ඔබට කියමි. ඇදහිල්ල හීන තැනැත්තෙනී, අද තිබී හෙට උදුනේ දැවී යන කෙතේ තණකොල දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසන සේක්ද? එහෙයින් කුමක් කමුද? කුමක් බොමුද? කුමක් අඳිමුද කියමින් කරදර නොවන්න. විජාතීන් සෑම විටම සොයන්නේත් මේවාමය. මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක. එහෙත් පළමු කොට උන්වහන්සේගේ රාජ්යකයද, ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ලක් ඔබට දෙනු ලැබේ.’’ (මතෙව් 6 / 28 – 33)

 

ප්රේ්මවන්ත දරුවෙනී, ජේසුස් ස්වාමින් වහන්සේ කියනවා පළමුවෙන් අපි හොයන්ඩ ඕනා ස්වර්ග රාජ්ය යයි. ජේසුස් ස්වාමින් වහන්සේව හොයන්ඩ. දේව මෑණියන්ව හොයන්ඩ. ඒක තමයි ජේසුස් ස්වාමින් වහන්සේ ප්ර කාශ කරන්නේ. පළමුව උන්වහන්සේගේ රාජ්යකය සොයන්න. එවිට අර අනික් සියල්ලක් ඔබට ලැබෙනවා. අපි ස්වර්ග රාජ්ය්ය සොයනවද? අපි හොයන්නේ වෙනත් දේවල් නේද? හොයන්ඩ කරදර වෙන්න එපා කියල අපට ජේසුස් ස්වාමින් වහන්සේ කියලා තියන දේවල් පිළිබඳව නේද, අපි වැඩිපුරම සොයන්න වෙහෙස වෙන්නේ? අපේ යාච්ඤාවලදී එක තැනකවත් අපෙන් කියවෙනවද, ‛ස්වාමිනී යම් දවසක මගේ මරණය සිදුවු අවස්ථාවේදී ඔබවහන්සේගේ රාජ්යඑයට මාව පිළිගන්ඩ’ කියලා. කවදාක්වත් එහෙමනම් කියන්නේ නැහැ. එහෙමනම් මොනවද කියන්නේ? ස්වාමිනී මගේ රැකියාවෙන් මට හොඳ ප්රනමෝෂන් (promotion) එකක් අරගෙන දෙන්ඩ, මට හතුරුකම් කරන අල්ලපු ගෙදර මිනිස්සුන්ට දැඩි දඩුවම් පමුනුවන්ඩ, ඔවුන්ට හෙන ගස්සන්ඩ. ඇත්තටම ඒ මිනිස්සුන්ට දැඩි දඩුවම් දීලා අපිට වෙන සෙතකුත් නෑ. අපි කරන්නේ ඒ මිනිසුන්ට වෙන විපත්ති දැකලා සන්තෝෂ වීමයි. අපේ හිතට එහෙම සන්තෝෂයක් දැනෙන්නේ ඇයි, හේතුව අපේ හිතේ ක්රෝවධය, වෛරය, ඊර්ෂ්යාටව තියන නිසයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, දැන් අල්ලපු ගෙදර මිනිහට හෙන ගැහැව්වයි කියලා අපිට තියෙන වැඩේ මොකක්ද? ඒ මිනිහනේ දුක් වෙන්නේ. ඒ මිනිහයි වේදනා විඳින්නේ. මේක දැක්කහම අපිට හරි සතුටුයි. ඔයගොල්ලෝ ලබා දෙන සමහර ලියුම් වල මෙවැනි ඉල්ලීම් දෙවියන්ට ඔප්පු කරන්ඩ කියලා තියෙනවා. මේකද ක්රි ස්තුස් වහන්සේ වදාල ධර්මය.

 

මෙහෙමද අපි දේව රාජ්ය ය සොයන්නේ. මේකද දේව රාජ්යසය සොයනවා කියලා කියන්නේ. ක්රිනස්තුස් වහන්සේ කියන්නේ පළමුකොට දෙවියන් වහන්සේගේ රාජ්යරය සොයන්ඩ. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන කරන ඔක්කොම දේවල් ඔයගොල්ලන්ට දෙන්ඩ දෙවියන් වහන්සේ දන්නවා. කෙතේ මානෙල් බලන්ඩ. මේ තණකොල දිහා බලන්ඩ. මේවා මේ පිළිවෙලට සරසන්ඩ දෙවියන් වහන්සේට පුළුවන් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක්ද? කියලා උන්වහන්සේ අහනවා. ඒ නිසා මාගේ ප්රේඊමවන්ත දරුවෙනී, හොඳට සිහියට ගන්න. මේ සිද්ධස්ථානය ලොකූ පූජනීය ස්ථානයක්. පළමුවෙනියෙන් මේ ස්ථානයට පැමිණීමට ඔයගොල්ලන්ට හිතක් පහල වෙච්ච එක පිළිබඳව ජේසුට ස්තූති කියන්න. ඒක ලොකු පිනක්. අපි දන්නවා ලෝකේ පින්වන්තයෝ වැඩිය නෑ ටිකයි. මේ ස්ථානයට පැමිණීමට හිතක් පහල වීම ඒ ඔබේ පළමුවෙනි පිනයි. ඊට පස්සේ දේව රාජ්ය ය සොයන්න. මා සතිපතා ඔබට කරන දේශණ ඇසුරින් දේව රාජ්යපයෙහි තොරතුරු ඔබ දැනගෙන ඒ අනුව ඔබගේ ජීවිතය සකස් කරගන්න. පවට භය, පිනට ලැදි දරුවන් බවට පත් වෙන්ඩ. ඒ සඳහා උත්සාහ කරන්ඩ. ඔයගොල්ලෝ ශුද්ධවන්තයෝ නම්, මේ පල්ලියට එන්ඩ එපා. ශුද්ධවන්තයන්ට නොවෙයි මේ පල්ලිය තියෙන්නේ පව්කාරයන්ට. ශුද්ධවන්තයෝ මොකටද පල්ලි එන්නේ, ඒගොල්ලෝ මැරිච්ච ගමන් ස්වර්ගයේ.

 

(2011 ඔක්තෝම්බර් 8 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පවත්වනු ලැබූ දිව්ය සත්ප්ර සාද ආශිර්වාද මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ බැතිමතුන් අමතා පවත්වනු ලැබූ දේශණයෙන් කොටසකි)