නිර්මල මරිය මාතා අසිරිමත් ප්‍රතිමාව ඉදිරියේ පිදෙන වසරේ අවසාන ජපමාලය ලබන සෙනසුරාදා

ලබන සෙනසුරාදා, දෙසැම්බර් 1 වෙනිදා, සවස 5 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, බැතිමතුන්ගේ සහ වන්දනාකරුවන්ගේ සහභාගිත්වයෙන් දෙව් මවුන් වෙත ජපමාලය උච්ඡාරණය කරනු ඇත.   ජපමාලය උච්චාරණය කරනු ලබන්නේ, කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය සතුව ඇති, ජීවමාන සංඥාවන් දකින්නට ලැබෙන අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේයි.   දෙසැම්බර් 1…

හාස්කම් යාච්ඤාව සමගින් නිර්මල කටුනායක මාතාවන්ට කන්නලවු කරන්නාවූ සැදැහැවතුන්ට අපමණ වරප්‍රසාදයන් ලැබෙමින් පවතී

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ අවස්ථාව වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද ජනතාව අතර හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ප්‍රචලිත වී ඇත්තේ මෙම සිද්ධස්ථානය තුල නිරන්තරයෙන් සිදුවන ප්‍රාතිහාර්‍යයන් නිසාය. නිර්මල කන්‍ය මරිය තුමියගේම පූර්ණ අනුග්‍රහයෙන් සිදුවන මේ ප්‍රාතිහාර්‍යයන් තුලින් පොදු ජනතාව කිසිදු භේදයකින් තොරව ලබා ගන්නා අප්‍රමාණ සැනසීම පෙන්වා දෙන්නේ මරිය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මීළග ධර්මෝපදේශ දෙසුම නොවැම්බර් 20 වෙනිදා

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පත්කරනු ලැබූ සියළු අපොස්තුළුතුමන්ලාගේ ප්‍රධාන වගකීම වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මය ලොවට දේශනා කරමින් ස්වර්ගය වෙතට යා යුතු මාර්ගය මෙය යයි පෙන්වා දීමයි.   ‛‛මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ යි ජේසුස් ස්වාමින් වහන්සේ වදාළ බව, ශුද්ධවූ මතෙව් තුමා තම…

ලබන සෙනසුරාදා සිට හාස්කම් යාච්ඤාව ආරම්භවන්නේ සවස 5 ට

නොවැම්බර් 17 වෙනි ලබන සෙනසුරාදා සිට හාස්කම් යාච්ඤාව සවස 5 ට ආරම්භ වන බව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.   දුර බැහැර සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට ආපසු තම වාසස්ථාන වෙත යාමේ දී සිදුවන ගමන් අපහසුකම් සැලකිල්ලට ගෙන, හාස්කම් යාච්ඤාව සවස 5 ට ආරම්භ කිරීම සඳහා අවසර ලබාදෙන…