මෙලොව ගත කරනු ලබන දිවියේ පිළිසරණයක් නොමැතිව අසරණ වන්නාවූ දනන් වෙත ජාති ආගම් ආදී කුමන අයුරක හෝ භේදයකින් තොරව පිහිට වන්නාවූ නිර්මල කන්‍ය මරිය මෑණියන් අද ප්‍රභල ලෙස හාස්කම් පාන්නාවූ සිද්ධස්ථානයක් වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. ජනතාව අතර කටුනායක අප ස්වාමිදූගේ හාස්කම් සිද්ධස්ථානය යනුවෙන් ප්‍රචලිත වීමට තරම් දෙව් මවුන්ගේ පිහිට ලැබෙන සිද්ධස්ථානයක් වන මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම සෙනසුරාදාවකම සවස ආරම්භ වන්නා වූ දෙව් මවුන් වෙත හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාව සහ ඉන්පසු සැදැහැ ජනතාවගේ වේදනාත්මක ඉල්ලීම් ලිවූ ලිපි ‛රතු පෙට්ටිය’ ට දැමීමේ අවස්ථාව ඇත්තෙන්ම සුරලොව සහ මෙලොව එකට යා වෙන අවස්ථාවක් මෙන්ය. එතරම්ම අමුතුම හැඟීමක් ඇතිවන මෙම පූජනීය අවස්ථාවේ දී, ඇතැම් සැදැහැවතුන්ට දැනෙන්නේ තමන්ගේ ඉල්ලීම් සඳහා කවුරුන් හෝ නිහඩව සවන් දෙන බවකි. ඒ ඔවුන් සිතින් පවසන දේ දෙව් මවුන් වෙත ඇදී යාමේ සංකේතයකි.
නිර්මල කන්‍ය මරිය තුමිය ජීවමාන වී ඇති ප්‍රබල සිද්ධස්ථානයක් වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අප දයාබර නිර්මල මරිය මාතාවෝ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ විසිතුන් වාරයක් දර්ශණය වී ඇත. උන්වහන්සේ පවත්වනු ලබන දේව මෙහෙයන්ට විශ්වාසයෙන් යුතුව සහභාගි වන්නන් වෙත දේව වරප්‍රසාද බෙදා දීමට එතුමිය තුල ඇති කැමැත්ත 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින දන්වා සිටියේ මෙසේය. ‛‛මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ යනුවෙන් එතුමිය ප්‍රකාශ කරනු ලැබුවාය.
සෑම සති අන්තයකම සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැදැහැ ජනතාව හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමෙන් පසුව, සිය ඉල්ලීම් ලිවූ ලිපි ‛රතු පෙට්ටියට’ දමන අතර 2017 දෙසැම්බර් 9 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සදැහැවතුන් තම ඉල්ලීම් රතු පෙට්ටියට දමන අවස්ථාවයි මෙම ඡායාරූප මගින් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ