මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

ඔබේ ජීවිතයේ ඉතාමත්ම සුන්දර දවසට අවුරුදු 26 ක් සම්පූර්ණ වෙන මොහොත කියල මම කිව්වොත් හරිද…. වැරදි ද……?   ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙවැනි ප්‍රශ්ණයක් නගමින් සිය දේශනයට මුල පුරනු ලැබුවේ, 2020 ජනවාරි 25 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේ දී යි. මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා…

වසර 63කට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොවට උපන් වේලාව සමරා මැදියම් රැයේ දී සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රොක් වෙති

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ 63 වන ජන්ම දිනය යෙදී තිබුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දිනයටයි. 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උන්වහන්සේ මෙලොවට උපත ලබමින්, මේ මහා පෘතුවිය ස්පර්ෂ කරනු ලැබුවා.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් උපත ලද ඒ මැදියම් රාත්‍රිය, ඒ පින්බර රාත්‍රිය, උන්වහන්සේ අදටත් ජීවමානව වැඩවසන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ…

දෙව් මවු කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශනය වීම ඇරඹී වසර හතලිස් පහක් සපිරෙයි

ලෝකයේ විවිධ ප්‍රදේශයන්හි, විවිධ වකවානුවල දර්ශනය වී මහත් පෙළහර පෑ කන්‍ය මරිය තුමිය ශ්‍රී ලංකාවේ දර්ශණයවීමටද පටන් ගත් අතර, 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින එතුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ටයි. එතෙක් මෙතෙක් කාලයක් ගෙවී ගිය අවුරුදු හතලිස් පහක් තුල, විසි තුන් වතාවක් ම එතුමිය දර්ශණය වූවා.  …