ස්ප්‍රීතු සාන්තු  වහන්සේ හෙවත් ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම  සිහිපත් කරන මංගල්‍යය මැයි  මස 18 වන සෙනසුරාදා  සවස කටුනායක  අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී  පැවැත්වීමට සියළු විධිවිධාන මේ වන විටත් යොදා අවසන්. මංගල්‍ය දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

 

ශුද්ධවු ලියවිල්ලේ ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ, මළවුන් කෙරෙන් උත්ථාන වී දින 50කට පසුව, ස්ප්‍රීතු සාන්තු වහන්සේ හෙවත් ශුද්ධාත්මයාණන්, අපොස්තුළු තුමන්ලා මත වැඩිය බවයි. බියෙන්, මුළු ගැන්වී සිටි අපොස්තුළු තුමන්ලා එතැන් සිට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ප්‍රභල මෙහෙවරක් ඉටුකිරීමට, අභීතව ඉදිරිපත් වුනා. තම ස්වාමින් වහන්සේ වෙනුවෙන් දිවි පිදීමට තරම් ධෛර්‍යයක් ඔවුන් තුල ජනිත වුනා. ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය නිවැරදිව උගැන්වීමේ බලය සහ හැකියාව අපොස්තුළු තුමෙකුට හිමිවන්නේ මෙම ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම් තුළිනුයි.

 

එසේ හෙයින් අපොස්තුළු තුමෙකුගේ හස්තයෙන් පිදෙන, ස්ප්‍රීතු සාන්තු වහන්සේ හෙවත් ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම සිහිපත් කිරීමේ මංගල්‍ය පූජාව විශේෂ වරප්‍රසාදිත දිව්‍ය පූජාවක් වෙනවා.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම මෙලොවට පත්කර වදාළාවූ අපොස්තුළු තුමාණන් වන, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් ලබන සෙනසුරාදා (මැයි 18 වෙනිදා) පවත්වනු ලබන මංගල්‍ය පූජා මෙහෙය, මේ ලෝකයේ දැනට ජීවතුන් අතර සිටින එකම අපොස්තුළු තුමා පවත්වන, ස්ප්‍රීතු සාන්තු වහන්සේගේ මංගල දිව්‍ය පූජා මෙහෙයයි.