ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෑණියන් ස්වර්ගස්ථවී වසර අටක් සම්පූර්ණ වෙයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2018 ජූනි 26 වෙනි දිනට වසර අටක් සම්පූර්ණ වේ. 2010 ජූනි 26 වෙනි දින එතුමිය ස්වර්ගස්ථ වන විට අනූවන වියෙහි පසුවූවාය.   ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ රැකවරණය ඇතිව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගතකල එතුමිය, ලොවට අපොස්තුළුතුමෙකු ලබා දුන් මවක් ලෙසින් බැතිමතුන්ගේ ද ආදරයට සහ සැලකිල්ලට…

ඇත්තටම මරිය තුමීය අපට කොතරම් ආදරේදැ යි අපට ම තේරුම් යන අවස්ථාවක් සෑම සෙනසුරාදාවකම සවස 6 ට

ඇත්තටම මරිය තුමියගේ නිර්මල හදවත තුල අප වෙනුවෙන් දැල්වී ඇති ආදරය පිළිබදව කිසිවෙකුත් කියන දේ අසාගැනීමට නොව, අපටම තේරුම් යන ස්ථානයක් සහ වේලාවක් ලෙස හැදින්විය හැකි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සහ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාවට සහභාගි වීම සදහා සිතක් පහල වීම, ඇත්තටම ඒ පුද්ගලයාගේ පිනක් බව ඊට සහභාගි වූවන් කියන්නේ ඇයි දැයි යන්නට කෙටිම…

දර්ශණ දේව මන්දීරය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය තුමියට මා භාරදෙනවා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

නිර්මල කන්‍ය මරිය තුමියගේ ඉල්ලීමක් ඉටු කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තනනු ලැබූ දර්ශණ දේව මන්දීරය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස 6 ට, නිර්මල කන්‍ය මරිය තුමියට භාරදෙන බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබූ බව මහත් අභිමානයෙන් යුතුව අපි ඔබට දන්වා සිටිමු.   ජූනි 15 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ…

අතිශයින්ම පුදුම සිදුවීමක් දැකිය හැකි කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව

සැදැහැවතුන්ට ජීවමාන සංඥාවන් දැක ගැනීමට අවස්ථාව ලැබෙන නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාව, එතුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී දකින්නට ලැබෙන අතිශයින්ම පුදුම සිදුවීමක් දැකිය හැකි ප්‍රතිමාවකි.   ජේසු බිළිදාණන් සිය වම් හස්තයේ දරාගෙන වැඩ සිටින නිර්මල කන්‍ය තුමියගේ රුව විදහා දැක්වෙන මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ එතුමිය 1977 ජූලි 27 වෙනි දින, දසඅට…

කිව යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම කර ඇති ලොව එකම හාස්කම් යාච්ඤාව

ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් අප අතර ජීවමානව වැඩ සිටීම අපට ලොකුම ශක්තියකි. විශේෂ කොට උන්වහන්සේ, ජේසුස් ස්වාමින් වහන්සේව ද සියැසින් දැකගෙන, ජේසුස් ස්වාමින් වහන්සේගේ හස්තයෙන් ම අපොස්තුළුවරයට ඔසවනු ලැබූවෙක් වීම තුල අපට බොහෝ වරප්‍රසාදයන් සදහා හිමිකම් ලැබුමට මාර්ගයක් වී…

නිර්මල කටුනායක මාතාවන්ට උච්ඡාරණය කෙරෙන හාස්කම් යාච්ඤාව සැදැහැවතුන්ට අපමණ වරප්‍රසාද ලබා දෙයි

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ අවස්ථාව වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද ජනතාව අතර හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ප්‍රචලිත වී ඇත්තේ මෙම සිද්ධස්ථානය තුල නිරන්තරයෙන් සිදුවන ප්‍රාතිහාර්‍යයන් නිසාය. නිර්මල කන්‍ය මරිය තුමියගේම පූර්ණ අනුග්‍රහයෙන් සිදුවන මේ ප්‍රාතිහාර්‍යයන් තුලින් පොදු ජනතාව කිසිදු භේදයකින් තොරව ලබා ගන්නා අප්‍රමාණ සැනසීම පෙන්වා දෙන්නේ මරිය…