නිර්මල කන්‍ය මරිය තුමියගේ ඉල්ලීමක් ඉටු කරමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තනනු ලැබූ දර්ශණ දේව මන්දීරය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස 6 ට, නිර්මල කන්‍ය මරිය තුමියට භාරදෙන බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබූ බව මහත් අභිමානයෙන් යුතුව අපි ඔබට දන්වා සිටිමු.
ජූනි 15 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී බැතිමතුන් පිරිසක් හමුවූ අවස්ථාවේ, උන්වහන්සේ ඔවුන් අමතා මෙම මංගල පණිවුඩය ප්‍රකාශ කල සේක.
මේ වන විට විසිතුන් වතාවක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට දර්ශණය වී ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ, එතුමිය දර්ශණය වූ දසසය වෙනි වතාවේ දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් අමතා මෙලෙස ප්‍රකාශ කළාය, ‛‛මා ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව්මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි. එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගි වන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු වෙමි’’.
නිර්මල මරිය තුමියගේ මෙම ඉල්ලීම සහ පොරොන්දුව ද බැතිමතුන් පිරිස හමුවේ සිහිපත් කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙතෙක් උන්වහන්සේ අමතා විවිධ පණිවිඩ ප්‍රකාශ කර ඇති නිර්මල කන්‍ය මරිය මාතාවෝ ඒ අතරින් ප්‍රකාශ කරනු ලැබූ කෙටිම පණිවිඩය වන්නේ, එතුමියගේ මෙම ආශාවත් ඒ සමගම එතුමියගේ පොරොන්දුවක් ද ඇතුලත් මෙම පණිවිඩය බව ප්‍රකාශ කල සේක.
අභිනව දර්ශණ දේව මන්දීරය නිර්මල කන්‍ය මරිය තුමියට භාරදෙනු ලබන අගෝස්තු 11 වෙනි සෙනසුරාදා දින ‛‛විශේෂ වරප්‍රසාද දායක දිනයක්’’ වන අතර එය දින කීපයක් දක්වා දිගු වීමට ඉඩ තිබෙන බව ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කල සේක.