ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් සතරවන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් සතරවන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.   දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් සතරවන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’…

නිර්මල මරිය මාතා අසිරිමත් ප්‍රතිමාව ඉදිරියේ පිදෙන වසරේ අවසාන ජපමාලය ලබන සෙනසුරාදා

ලබන සෙනසුරාදා, දෙසැම්බර් 1 වෙනිදා, සවස 5 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, බැතිමතුන්ගේ සහ වන්දනාකරුවන්ගේ සහභාගිත්වයෙන් දෙව් මවුන් වෙත ජපමාලය උච්ඡාරණය කරනු ඇත.   ජපමාලය උච්චාරණය කරනු ලබන්නේ, කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානය සතුව ඇති, ජීවමාන සංඥාවන් දකින්නට ලැබෙන අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේයි.   දෙසැම්බර් 1…

හාස්කම් යාච්ඤාව සමගින් නිර්මල කටුනායක මාතාවන්ට කන්නලවු කරන්නාවූ සැදැහැවතුන්ට අපමණ වරප්‍රසාදයන් ලැබෙමින් පවතී

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ අවස්ථාව වන විට විසිතුන් වතාවක් දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, අද ජනතාව අතර හාස්කම් සිද්ධස්ථානය ලෙසින් ප්‍රචලිත වී ඇත්තේ මෙම සිද්ධස්ථානය තුල නිරන්තරයෙන් සිදුවන ප්‍රාතිහාර්‍යයන් නිසාය. නිර්මල කන්‍ය මරිය තුමියගේම පූර්ණ අනුග්‍රහයෙන් සිදුවන මේ ප්‍රාතිහාර්‍යයන් තුලින් පොදු ජනතාව කිසිදු භේදයකින් තොරව ලබා ගන්නා අප්‍රමාණ සැනසීම පෙන්වා දෙන්නේ මරිය…

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මීළග ධර්මෝපදේශ දෙසුම නොවැම්බර් 20 වෙනිදා

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පත්කරනු ලැබූ සියළු අපොස්තුළුතුමන්ලාගේ ප්‍රධාන වගකීම වන්නේ උන්වහන්සේ දෙසූ ධර්මය ලොවට දේශනා කරමින් ස්වර්ගය වෙතට යා යුතු මාර්ගය මෙය යයි පෙන්වා දීමයි.   ‛‛මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද කල්පාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි’’ යි ජේසුස් ස්වාමින් වහන්සේ වදාළ බව, ශුද්ධවූ මතෙව් තුමා තම…

ලබන සෙනසුරාදා සිට හාස්කම් යාච්ඤාව ආරම්භවන්නේ සවස 5 ට

නොවැම්බර් 17 වෙනි ලබන සෙනසුරාදා සිට හාස්කම් යාච්ඤාව සවස 5 ට ආරම්භ වන බව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.   දුර බැහැර සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට ආපසු තම වාසස්ථාන වෙත යාමේ දී සිදුවන ගමන් අපහසුකම් සැලකිල්ලට ගෙන, හාස්කම් යාච්ඤාව සවස 5 ට ආරම්භ කිරීම සඳහා අවසර ලබාදෙන…

වසර ගණනාවක සිට වීඩියෝ සෙල්ලමට ‛ඇබ්බැහි’ වූ බිරිය, කටුනායක නිර්මල මෑණියන් පාමුල දී සැමියා විසින් එයින් මුදවාගත් අපූරුම කතාවක්

කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයෙන් නිරන්තරව අසන්නට ලැබෙන මරිය මවගේ දීමනාවන් පිළිබද පුවත් අතරට මෙවර අළුතින්ම එක්වන්නේ තරමක් අමුතු කතාවකි. වසර හතලිස් හතරක් පුරාවටම මේ ආකාරයේ හාස්කම් පුවතක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි.   සිය එකම දරුවාගේ කටයුතු ද අමතක කර දමා වීඩියෝ සෙල්ලම් කිරීමට ‛ඇබ්බැහි’ වී සිටි තම තරුණ බිරිද එයින් මුදවා ගැනීම…

වරප්‍රසාද රැසකට මග පෑදූ හාස්කම් යාච්ඤාව සැදැහැවත් ජනතාවගේ යාච්ඤාවයි

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ මහත් පිහිට රැසකට සැදැහැවත් ජනතාව හිමිකම් කිවූ හාස්කම් යාච්ඤාව මේ වන විට සැදැහැවත් ජනතාවගේ යාච්ඤාවක් බවට පත්වී ඇත.   ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී මෙලොවට තෝරා දුන් දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ලියනු ලැබූ මෙම හාස්කම් යාච්ඤාව නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූට මහත් ප්‍රශංසනීය යාච්ඤාවක්…

මහ වැසි මැද සැදැහැවතුන් හාස්කම් යාච්ඤාවට දෙව් මවුන් වටා රොක් වෙති

උච්චාරණය කල යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම වී ඇති යාච්ඤාවක් නිර්මල කන්‍ය මරිය තුමිය වෙනුවෙන් ලොව කොතැනක හෝ ලියවී ඇත්නම් ප්‍රථම වරට එවැනි යාච්ඤාවක් ලියා ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසිනුයි. අපොස්තුළුතුමෙක් විසින් ලියා ඇති ලොව එකම යාච්ඤාව ද මෙයයි. මේ වන විට මෙම යාච්ඤාව නිර්මල මරිය තුමියගේ හාස්කම් යාච්ඤාව බවට පත්වී…

මරිය තුමියගේ රැකවරණය වෙත ඔබට ලගා විය හැකි කෙටිම මාර්ගයේ නම ජපමාලය යි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

ජපමාල යැදුමට ජනතාව නැවත හුරු කරනු ලැබූ අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වරක් ප්‍රකාශ කරනු ලැබුවේ මරිය තුමියගේ රැකවරණය වෙත අපට ලගා විය හැකි කෙටිම මාර්ගයේ නම ජපමාලය බවයි   උදෑසන සිට ඇද හැළුන මහා වැස්ස ද නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පසුගිය සෙනසුරාදා සවස සතර දිගින් සැදැහැවතුන් ඇදී ආවේ නිර්මල මෑණියන්ගේ කරුණාබර…

නිර්මල මරිය තුමිය අමතා ලියවුන හාස්කම් යාච්ඤාවට කිව යුතු දවසක්, වේලාවක් සහ ස්ථානයක් ද නියම වී ඇත

ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් අප අතර ජීවමානව වැඩ සිටීම අපට ලොකුම ශක්තියකි. විශේෂ කොට උන්වහන්සේ, ජේසුස් ස්වාමින් වහන්සේව ද සියැසින් දැකගෙන, ජේසුස් ස්වාමින් වහන්සේගේ හස්තයෙන් ම අපොස්තුළුවරයට ඔසවනු ලැබූවෙක් වීම තුල අපට බොහෝ වරප්‍රසාදයන් සදහා හිමිකම් ලැබුමට මාර්ගයක් වී…