අති භාග්‍යවත් කන්‍ය මරිය මාතාවන් වෙත හාස්කම් යාච්ඤාව ලිවූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සමගින් එම යාච්ඤාව උච්චාරණය කිරීමට සැදැහැවතුන්ට අවස්ථාවක්

නිර්මල කන්‍ය මරිය තුමිය ගැන බොහෝ විශ්වාස ගෞරව බහුමානයෙන් වත් පිළිවෙත් සිදු කරන්නාවූ පුද බිමක් වන ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මරිය තුමියගේ බලවත් ඇල්මට සහ බැල්මට පාත්‍ර වූ සිද්ධස්ථානයක්. නිර්මල කන්‍ය මරිය තුමිය විසිතුන් වතාවක් මේ වන විට දර්ශණය වී ඇති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය තුල අදටත් ජීවත් වන ලොව එකම අපොස්තුළුතුමන් විසින්…

නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිය පොරොන්දුව ඉටුකරන සේක

ශ්‍රී ලංකාවේ පිහිටි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය නිර්මල කන්‍ය මරිය මවු තුමිය 23 වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානයකි. 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී පණිවුඩයක් ප්‍රකාශ කලාය. එම පණිවුඩයේ ප්‍රථම වගන්තිය මෙයයි. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට…

නිර්මල කන්‍ය මරිය තුමිය ම ලබා දුන් හාස්කම් හෝරාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී

හදිසියේ ඔබ නොසිතූ වේලාවක නිර්මල කන්‍ය මරිය තුමිය ඔබගේ දෙනෙතට දකින්නට ලැබුණොත්, මොහොතක් එතුමිය අමතා යමක් කියන්නට අවස්ථාව ද ඔබට හිමිවූව හොත්, එතුමිය අමතා කියන්නට කිසිවක් මට කිසිවක් නැතැ යි ඔබ පවසනවාද? නොඑසේනම් එතුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි ඔබ පවසනවාද?   දයාබර නිර්මල කන්‍ය මරිය මවු තුමියට කියන්න බොහෝ දේ මට ඇතැයි කියා සිතන…

2018 නව වසර උදාවත් සමග ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සැමටම සුභ පතයි

වසරක් නිමා වී 2018 නව වසරට ආසිරි පැතීමේ දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ආරම්භ වූයේ 2017 දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.30 ටයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම නව අවුරුදු දිව්‍ය පූජාව සදහා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි…

ජේසු බිළිදා මවු කුසයේ පිළිසිඳ ගැනීමේ සිටම උන්වහන්සේට අත්වුනේ ප්‍රතික්ෂේප කිරීම්

1957 පෙබ්‍රවාරි 2 වෙනි දින මෙලොව උත්පත්තිය ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේගේ ජීවිතයේ 61 වෙනි නත්තල කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සමරමින් 2017 දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව පවත්වනු ලැබුවේ විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සිටි සැදැහැවතුන් රැසක් ඉදිරියේ යි.   මෙම නත්තල, අපොස්තුළුතුමෙකු වශයෙන් උන්වහන්සේ…

අපොස්තුළුතුමෙකු උපන් මැදියම් රැයේදී සැදැහැවතුන් උන්වහන්සේ වටා රොක් වෙති

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වර්තමාන ලෝකයේ ජීවත් වන එකම අපොස්තුළුතුමාණන් වහන්සේයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පෘතුවියේ ඇති, මහ සයුරෙන් වටවූ රටක් වන ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව, ‛‛අපොස්තුළුවරයට’’ පත් කිරීම සඳහා වන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පෘතුවිය මත දර්ශණය…

භාග්‍යවත් කන්‍ය මරිය තුමිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දර්ශණයවී වසර 43ක් සපිරෙයි

අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී දර්ශණය වූ අතර, 2018 පෙබ්‍රවාරි 5 වෙනි දිනට, මෙම ප්‍රථම දර්ශණය සිදුවී වසර 43 ක් සම්පූර්ණ වෙයි. මේ වන විට මරිය තුමී 23 වාරයක් දර්ශණය වී ඇති අතර, මෙම දර්ශණ දැක ගැනීමේ භාග්‍ය ලැබුවේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම…

ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාගේ ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදා

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 61 වෙනි ජන්ම දිනය පෙබ්‍රවාරි 2 වෙනිදාට යෙදී ඇත. ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.   මීට වසර 61 කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම…

නිර්මල කන්‍ය මරිය තුමියගේ පූර්ණ බැල්ම යොමුවී ඇති එම අවස්ථාව අසිරිමත් අත්දැකීමකි

අති භාග්‍යවත් නිරිමල කන්‍ය මරිය මාතාවන්ගේ පිහිට නොඅඩුවම ලබා ගත හැකි හාස්කම් බහුල සිද්ධස්ථානයක් බවට පත් වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස 6 ට පැවැත්වෙන ‛හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාව’ සැබවින්ම අසිරිමත් අත්දැකීමකි.   නිර්මල කන්‍ය මරිය තුමියගේ පූර්ණ බැල්ම යොමුවී ඇති එම අවස්ථාව එතුමිය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව වරප්‍රසාද ඉල්ලා…

දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි

‛‛නේවාසිකාගාරයේත් ගෙදරත් ඇති පරතරය සියළු දෙමාපියන් තේරුම් ගත යුතුයි. නේවාසිකාගාරයක නවත්වා දරුවෙකුට අධ්‍යාපනය දීම කෘතිම ආහාර කෑමට දී සත්වයකු ඇති දැඩි කරන කරනවා වගෙයි. ගුණයකුත් නැහැ, නියම රසකුත් නැහැ. ඒ නිසා උසස් අධ්‍යාපනයක්, හොද අධ්‍යාපනයක් යන විසිතුරු වචනවලින් විසිතුරු වී ඇති වර්ගයේ අධ්‍යාපනයක් දීම සදහා දරුවකුව කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’   ශුද්ධෝත්තම රොහාන්…