ශ්‍රී ලංකාවේ පිහිටි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය නිර්මල කන්‍ය මරිය මවු තුමිය 23 වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානයකි. 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී පණිවුඩයක් ප්‍රකාශ කලාය. එම පණිවුඩයේ ප්‍රථම වගන්තිය මෙයයි. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’

 

නිර්මල මරිය තුමියගේ මෙම පණිවිඩයත් සමගම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලබන දේව මෙහෙයන්ට සහභාගිවන ජනතාවගේ දුක් වේදනාවලට ඔවුන් ලද සහනය ඇත්තටම පුදුමාකාරය. ඔවුන් අතර මේ ජීවිත ගමනේ විවිධ ගැටළු ඉදිරියේ බලාපොරොත්තු සුන් වූවන්, රෝගී වූවන්, අසරණව පීඩා විඳින්නන් ද වේ.

 

සැබවින්ම නිර්මල මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින පැවසූ වදන් අද ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඉටුවන අතර, නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙන්නේ ඉතාමත් පුදුමාකාර ප්‍රාතිහාර්යයන් වේ.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ව විසිතුන් වතාවක් දෑසින් දැකගෙන එතුමිය සමග බොහෝ දේ කතාබස් කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් 2018 පෙබ්‍රවාරි 3 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් පිරිසක් වෙනුවෙන් ‛‛හාස්කම් යාච්ඤාව’’ දෙව් මවුන් වෙත පුද කිරීමෙන් පසුව, සැදැහැවතුන් තම ඉල්ලීම් ලිපි උන්වහන්සේ ඉදිරියේම රතු පෙට්ටිය ට දමන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි