අති භාග්‍යවත් නිරිමල කන්‍ය මරිය මාතාවන්ගේ පිහිට නොඅඩුවම ලබා ගත හැකි හාස්කම් බහුල සිද්ධස්ථානයක් බවට පත් වී ඇති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සෑම සෙනසුරාදාවකම සවස 6 ට පැවැත්වෙන ‛හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමේ අවස්ථාව’ සැබවින්ම අසිරිමත් අත්දැකීමකි.
නිර්මල කන්‍ය මරිය තුමියගේ පූර්ණ බැල්ම යොමුවී ඇති එම අවස්ථාව එතුමිය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව වරප්‍රසාද ඉල්ලා සිටිය හැකි ඉතාමත් ප්‍රබල අවස්ථාවකි.
2018 ජනවාරි 20 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රැස්වූ සැදැහැවතුන් දෙව් මවුන් වෙත හාස්කම් යාච්ඤාව ඔප්පු කරනු ලැබුවේ එතුමියව විසිතුන් වාරයක් දැක ගැනීමට වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ද සමගිනි. මෙහි ඡායාරූප මගින් දිස්වනුයේ එම අවස්ථාවයි