‛‛නේවාසිකාගාරයේත් ගෙදරත් ඇති පරතරය සියළු දෙමාපියන් තේරුම් ගත යුතුයි. නේවාසිකාගාරයක නවත්වා දරුවෙකුට අධ්‍යාපනය දීම කෘතිම ආහාර කෑමට දී සත්වයකු ඇති දැඩි කරන කරනවා වගෙයි. ගුණයකුත් නැහැ, නියම රසකුත් නැහැ. ඒ නිසා උසස් අධ්‍යාපනයක්, හොද අධ්‍යාපනයක් යන විසිතුරු වචනවලින් විසිතුරු වී ඇති වර්ගයේ අධ්‍යාපනයක් දීම සදහා දරුවකුව කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ සීදූවේ සුරේන් චතුරංග ප්‍රනාන්දු මහතා සහ සුගන්ධිකා පෙරේරා මහත්මියගේ කුළුදුල් දියණිය වූ සනෝෂි ආරද්‍යා දැරියගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් අධ්‍යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාවේ දීයි.
2018 ජනවාරි 6 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී මෙය සිදු විය.
කුඩා දැරියගේ දෙමාපියන් ඇමතූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ මෙසේ ද ප්‍රකාශ කලහ.
‛‛දරුවකු ආහාරයට ගත යුත්තේ නේවාසිකාගාරයක හෝ හෝටලයක පිසිනු ලබන ආහාර නොව සිය මවගේ දෑතින් පිළියෙල කරනු ලබන ආහාරයි. එම ආහාරවල ඇති මවකගේ ආදරයේ රසය දරුවාට ලබා දිය යුතුයි. එම ආහාරය නේවාසිකාගාරයක හෝ හෝටලයක පිසින ආහාරවල කොහෙත්ම නැහැ. එම ආහාරවල ඇත්තේ ‛බිස්නස් රසයයි’. එම රස නීරස රසයක්.’’
සනෝෂි ආරධ්‍යා කුඩා දැරියගේ දෙමාපියන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ වදන් ලොව සියළු දෙමාපියන්ට වැදගත් බව අද සමාජය දෙස බලන විට පැහැදිලිව පෙනෙනු ඇත.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබූහ.
‛‛දරුවකුට හොදම සහ උසස්ම පාසල වන්නේ, පාසල අවසන් වී ඉතා ඉක්මනින් ම තම නිවසට ලගා විය හැකි දුරකින් පිහිටි පාසලයි. තමන් වෙනුවෙන් වෙහෙසෙන අම්මාව දරුවා දැකිය යුතුයි. තමන් වෙනුවෙන් රැකියාවට යන පියාව දරුවා දැකිය යුතුයි. පියාගේ දහදිය සුවද දරුවාට දැනිය යුතුයි. ගෙදරක එදිනෙදා ඇතිවන ගැටළු ගැන දරුවා දැනීමක් ලබා ගත යුතුයි. හොද අධ්‍යාපනය සැගවී ඇත්තේ ඒ තුලයි. ඒ නිසා දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි’’
සීදූවේ සුරේන් චතුරංග ප්‍රනාන්දු මහතා සහ සුගන්ධිකා පෙරේරා මහත්මියගේ කුළුදුල් දියණිය වූ සනෝෂි ආරධ්‍යා දැරියගේ පාසල් අධ්‍යාපනයට මුල පුරමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අධ්‍යාපනයේ මුල් අකුරු කියා දුන් අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි