ජපමාල යැදුමට ජනතාව නැවත හුරු කරනු ලැබූ අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වරක් ප්‍රකාශ කරනු ලැබුවේ මරිය තුමියගේ රැකවරණය වෙත අපට ලගා විය හැකි කෙටිම මාර්ගයේ නම ජපමාලය බවයි

 

උදෑසන සිට ඇද හැළුන මහා වැස්ස ද නොතකා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පසුගිය සෙනසුරාදා සවස සතර දිගින් සැදැහැවතුන් ඇදී ආවේ නිර්මල මෑණියන්ගේ කරුණාබර ආශිර්වාදය ඔවුන්ට ලබාගත හැකි සිද්ධස්ථානය නම්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බව ඔවුන් දන්නා නිසයි. ඔක්තෝම්බර් 6 වෙනි සෙනසුරාදා සවස 6 ට මාසිකව සිදුකෙරෙන ජපමාල යැදුමට සැදැහැවතුන් සිය ජපමාල අතට ගෙන දෙව් මවුන්ගේ ප්‍රතිමාව වටා රොක් වී සහභාගි වූයේ නිර්මල මරිය මාතාවන් කෙරෙහි එසවුන දැඩි ශ්‍රද්ධාවකින් යුතුවයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත ජපමාලය උච්චාරණය කිරීමේ වැදගත්කම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජනතාවට බොහෝ දේ පවසා ඇත. ‛‛මරිය තුමියගේ රැකවරණය වෙත ඔබට ලඟා විය හැකි කෙටිම මාර්ගයේ නම ජපමාලය යි’’ වරක් උන්වහන්සේ ජපමාලය පිළිබදව එලෙසින් ප්‍රකාශ කල සේක.

 

අද සමාජයෙන් නැතිවීගෙන යන ජපමාල යැදුම ගැන ජනතාවට අවබෝධ කර දී, ජනතාව අතට නැවත ජපමාලය හුරු පුරුදු කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මෙලොවදී ම නිර්මල මරිය මාතාවන් ව විසිතුන් වතාවක් දැක ගැනීමේ සුවිශේෂී වාසනාව ලබාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ විසින් මෙලොවට දර්ශණය වී පත්කරනු ලැබූ අපොස්තුළුතුමෙක් වීම විශේෂත්වයක්.

 

ඔක්තෝම්බර් 6 වෙනි සෙනසුරාදා උදේ සිටම ඇද හැළුන මහා වර්ෂාව මැද වූව ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ සැදැහැවතුන්, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ජපමාල උච්චාරණයට සහභාගි වූ අයුරුයි මෙම ඡායාරූප පෙලින් ඔබට දැකගත හැකි වන්නේ