නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මෙම කාලයේ සෑම සෙනසුරාදාවකම සවස 6 ට උච්චාරණය කරනු ලබන ‛හාස්කම් යාච්ඤාව’ උච්චාරණය කිරීම, අභිනව දර්ශණ දේව මන්දීරය නිර්මල කන්‍ය මරිය තුමියට භාර දෙනු ලබන දිනය දක්වා පමණක් සිදු කිරීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදහස් කරගෙන සිටින බව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා 2017 සැප්තැම්බර් 23 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවසීය.

 

අභිනව දර්ශණ දේව මන්දීරය නිර්මල කන්‍ය මරිය තුමියට භාර දෙන තුරු පමණක් හාස්කම් යාච්ඤාව පුද කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තල පවතින අදහස, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා හෙළි කරනු ලැබුවේ සැප්තැම්බර් 23 වෙනි දින පැවති, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන සමාජිකයන්ගේ රැස්වීමේදී ය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව මේ වන විට ‛හාස්කම් යාච්ඤාවක්’ බවට පත් වී ඇත. මෙම හාස්කම් යාච්ඤාව සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පූර්ණ ජනතා සහභාගිත්වයෙන් ඔප්පු කෙරේ. කිසිදු භේදයකින් තොරව, ආගම් භේදයෙන් ද තොරව මෙම යාච්ඤාවට ජනතාව සහභාගි වන්නේ නිර්මල කන්‍ය මරිය තුමිය වෙත අප්‍රමාණ ආදරයකිනි, භක්තියකිනි. එලෙසින්ම කිසිදු භේදයකින් තොරව ජනතාව ද ලබා ගන්නා පිහිට වරප්‍රසාද දිනපතාම වාර්තා වෙන අතර ඒ කොතරම් ද කියනවානම්, නිර්මල කන්‍ය මරිය තුමියගේ අනුග්‍රහයෙන් සිදුවන මෙම ප්‍රාතිහාර්යයන් ලේඛණ ගත කිරීමට නිලධාරියකු පත් කිරීමට ද සිදු වී ඇත.

 

අභිනව දර්ශණ දේව මන්දීරය නිර්මල කන්‍ය මරිය තුමියගේ ඉල්ලීමක් මත ඉදි කරනු ලැබුවකි. නිර්මල මරිය තුමියගේ ඉල්ලීම මත ඉදිවූ ලොව පස්වන දෙව්මැදුර මෙය වන අතර මේ සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය ධනවත් දෙමාපියන්ගෙන් ලද රුපියල් කෝටි අටක මුදලක් යොදවා ඇත. මෙම දර්ශණ දෙව් මැදුර සම්පූර්ණයෙන්ම වායු සමනය කර ඇති අතර, ශ්‍රී ලංකාවේ (සමහර විට ලෝකයේ) වායු සමනය කරනු ලැබූ ප්‍රථම සහ එකම දෙව් මැදුරයි.

 

නිර්මල කන්‍ය මරිය තුමියගේ ඉල්ලීමක් මත ඉදි කරනු ලැබූ මෙම දර්ශණ දේව මන්දීරය පිළිබද විස්තර වීඩියෝව මෙතනින් නරඹන්න

 

 

මෙම අලංකාර දර්ශණ දේව මන්දීරය දෙව් මවුන්ට භාර දෙන දිනය ලගදීම උදාවෙන අතර එතෙක් උච්චාරණය කරනු ලබන ‛හාස්කම් යාච්ඤව’ට සෑම සෙනසුරාදාාවකම සවස 6 ට සහභාගි වී දෙව් මවුන්ගේ ප්‍රාතිහාර්යයන් ඔබට ම අත්දකින්නට ඔබට පිනක් ඇත්නම්, අවස්ථාව ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී 2017 සැප්තැම්බර් 23 වෙනි සෙනසුරාදා අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සාමාජිකයන් අමතනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකි අතර, සිද්ධස්ථාන පාලක මණ්ඩලයේ සමාජිකයන් පිරිසක් ද ඒ සමග සිටී