ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මේ ලෝකයේ ජීවතුන් අතර සිටියදී ම සිය ඉගැන්වීම් ලොව පුරා ගෙනයාම සඳහා අග්‍ර ශ්‍රාවකයන් දොළොස් දෙනෙකුන් තෝරා ගත් සේක. ඔවුන් නම් උන්වහන්සේ විසින් පේදුරු යයි නම්කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෲ ද, ජාකොබ් සහ ජුවාම් ද, පිලිප් සහ බර්තොලමෙව් ද, මතෙව් සහ තෝමස් ද, අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියායි නම් ලත් සීමොන් ද, ජාකොබ්ගේ පුත් ජුදස් සහ පසුව ද්‍රෝහියා වූ ජුදස් ස්කාරියොත් යන මොවුහුය.

 

ජේසුස් ස්වාමින් වහන්සේ විසින්ම තෝරාගනු ලැබූ මෙම පිරිසට ‛‛අපොස්තුළුවැ’’ යනුවෙන් නම් කරනු ලැබුවේ ජේසුස් ස්වාමින් වහන්සේ ම විසිනි. ඒ බව ශුද්ධවු ලියවිල්ලේ මෙසේ සඳහන් කර ඇත. ‛‛උන්වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක, ඔවුන්ට ‛අපොස්තුළුවරු’ යයි නම් තැබූ සේක. (මාක් 3/14)

 

ජේසුස් ස්වාමින් වහන්සේ තම ස්වර්ගාරෝහණයෙන් පසු සිරියාවේ, දමස්කස් නගරයේදී දර්ශණය වී පාවුළු තුමන්ව තෝරාගත් සේක. ජේසුස් ස්වාමින් වහන්සේ විසින්ම තෝරාගැනීම නිසා මෙතුමා ද අපොස්තුළු තුමෙක් වන අතර, ජේසුස් ස්වාමින් වහන්සේ තෝරාගන්නා ලද 13 වෙනි අපොස්තුළු තුමා වේ. එසේම ජේසුස් ස්වාමින් වහන්සේ සිය ස්වර්ගාරෝහණයෙන් පසුව මේ ලෝකයට දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළු තුමා බවට පත්වන්නේ ද පාවුළු අපොස්තුළු තුමයි.

 

අද අප ජීවත්වන මේ කාලයේ දී ජේසුස් ස්වාමින් වහන්සේ නැවතත් ලෝකයට දර්ශණය වී අපොස්තුළු තුමෙකුව තෝරාගෙන ඇත. එම අපොස්තුළු තුමා තවමත් ජීවතුන් අතර සිටින බව විශේෂයෙන් සඳහන් කල යුතුමය. මෙවර ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වූයේ ශ්‍රී ලංකාවේ කටුනායක නගරයේදීයි. උන්වහන්සේ අපොස්තුළුවරයට තෝරාගනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්වයි. ජේසුස් ස්වාමින් වහන්සේගේ ම අභිමතයෙන්, උන්වහන්සේ විසින් ම කරණු ලැබූ තෝරාගැනීමක් නිසා මෙතුමා ද අපොස්තුළු තුමෙක් වන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ම තෝරාගන්නා ලද 14 වෙනි අපොස්තුළු තුමා වේ. එසේම ජේසුස් ස්වාමින් වහන්සේ සිය ස්වර්ගාරෝහණයෙන් පසුව මේ ලෝකයට දර්ශණය වී තෝරාගනු ලැබූ දෙවන අපොස්තුළු තුමා බවට පත්වන්නේ දැන් මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමයි.

 

මේ වන විට 14 දෙනෙක් දක්වා දිවයන ජේසුස් ස්වාමින් වහන්සේගේ අපොස්තුළුවරු පිරිසේ 14 වැන්නා වූත්, ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණයවී තෝරාගනු ලැබූ 2 වන අපොස්තුළු තුමා වූත්, අද ලොව ජීවතුන් අතර සිටින එකම අපොස්තුළුතුමා වූත්, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසින් පවත්වනු ලබන දිව්‍ය පූජාවන්ට සැදැහැවතුන් සහභාගිවන්නේ ඉමහත් භක්තියකිනි.

 

2013 මාර්තු 9 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයට ද බැතිමතුන් සහ වන්දනාකරුවන් සහභාගිවූයේ විශාල භක්තියකිනි. කිසිදු මිනිසෙකු විසින් නොව, ලෝකය මවා සුරකින සර්වබලධාරී දෙවියන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙලොවට පත්කරනු ලැබ, දැනට මේ ලෝකයේ ජීවත්වන එකම අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා විසින් පුද කරනු ලබන දිව්‍ය පූජාවකට සහභාගි වීමට ලැබීම බැතිමතුන් සලකන්නේ විශාල ආශිර්වාදයක් ලෙසින්ය.

 

2013 මාර්තු 9 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශූද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පවත්වනු ලැබූ දිව්‍ය පූජාවේ අවස්ථාවන් ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.