ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව, විවිධාකාර දුක් වේදනාවලින් පෙලෙන්නන් සහ සහනය සොයන්නන්ට ජේසු සමිඳාණන්ගේ දයාබර ආශිර්වාදයත්, කුමරි මරියාවන්ගේ උණුසුම් කරුණාවත් තුල සැනසීම ලඟාකර ගනිමින්, දයාබර ජේසු සමිඳාණන් මෙන්ම කුමරි මරියාවන් ද අත්දකින්නට උදාකර දෙන වරප්රසාදිත කාලයක් ආරම්භ කරමින් 2016 ජූනි 18 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පවත්වනු ලැබූ දෙව් මවුන් වෙත ප්රශංසාවේ වරප්රසාදිත සැඳෑ මෙහෙය සැදැහැ ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය පිණිස මෙන්ම ජේසුස් ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය සහ දෙව් මවුන්ගේ කරුණාව අත්දකින්නට ද ජනතාවට මග පෙන්වා දෙන දේව මෙහෙයක් විය.
මෙම සැඳෑ මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ භූමියේ දී සවස 4 ට ආරම්භ විය.
දේව මෙහෙයේ විවිධ අවස්ථාවන් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.











