මරිය තුමිය අප කෙරෙහි ඇති ආදරය අපට විශ්වාසම කල හැකි ආදරයයි අපි මරිය තුමියට ඇති ආදරය කොතරම් දුරට විශ්වාසවන්තද?

අපේ හදවත් තුල එතුමිය කෙරෙහි ඇති ආදරය, ලැදියාව කුමන ආකාරයකට එතුමිය හිතනවා ඇත්ද?   ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ප්‍රශ්ණ කරයි   ‛‛මාගේ ප්‍රේමවන්ත දරුවෙනී, අපි මරිය තුමීව ආශ්‍රය කරන්නට ඕනා එතුමිය අපේ අම්මා කියල සලකාගෙන. ඇත්තටම එතුමිය අපේ අම්මා හැටියට අපිට දුන්නේ අපේ දයාබර ජේසුස් ස්වාමින් වහන්සේයි. එතුමිය මේ ලෝකයේ දරුවන්ට ආදරය කරන්නේ…

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නුවරඑළියේ නිවාඩුවක

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා කෙටි නිවාඩුවක් සඳහා පසුගියදා නුවරඑළියට ගිය අතර උන්වහන්සේ සමග අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක සහ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් යන මහත්වරුද නුවරඑළිය බලා ගියහ.   ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා නුවරඑළියේ ගත කරනු ලැබුවේ දින තුනක කාලයක්. ඒ 2013 නොවැම්බර් 6, 7, සහ 8 යන දින තුනයි.   මෙම තෙදින…

ඉටිපහන් ආලෝකය මධ්‍යයේ බැතිමතුන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා සමගින් දෙව් මවුන් වෙත ජපමාලය උච්ඡාරණය කරයි

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ජීවමාන ප්‍රමාණයේ වූ ප්‍රතිමාව තිස් වසරකට ආසන්න කාලයක් ස්ථාපිතව තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට පෙර, ජන හදවත් දිනාගත් එම දෙව් මවු ප්‍රතිමාව අභියස 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සන්ධ්‍යාවේ ජපමාල උපහාර මෙහෙය පැවැත්වුනේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි. මේ සඳහා විවිධ ප්‍රදේශයන්ගෙන්…

ආවේ මරියා කොමිනිකේෂන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ සුරතින් විවෘත වෙයි

මීගමුව ලුවිස් පෙදෙසෙහි අළුතින් ඉදිවූ ආවේ මරියා කොමිනිකේෂන් ආයතනය 2013 ඔක්තෝම්බර් 27 වෙනි ඉරුදින උදෑසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ සුරතින් විවෘත විය.   විවෘත කිරීමේ උත්සවය සඳහා පැමිණි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව පිළිගනු ලැබුවේ ආවේ මරියා කොමිනිකේෂන් හි අධිපති ඩබ්ලිවු. අශෝක ප්‍රනාන්දු මහතා විසිනි.   ආවේ මරියා කොමිනිකේෂන් ආයතනයට ඇතුළුවන ප්‍රධාන දොරටුව හරහා යොදා…