බොහෝ දෙනෙකුගේ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ උපන් දින සංවත්සරය පෙබ්‍රවාරි පළමුවෙනි දා මැදියම් රැයේ උදාවේ

මින් වසර 65 කට පෙර මේ මහා පෘතුවිය ස්පර්ෂ කරමින් 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියට ම රාත්‍රී 12 ට මෙලොවට බිහි වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ උපන් වේලාවට, එනම් 2022 පෙබ්‍රවාරි 1 වෙනිදා රාත්‍රී 12 ට, මේ අධ්‍යාත්මික නායකයා වැඩ සිටින ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය විදුලි ආලෝකයෙන් ආලෝකමත් වනු ඇත. උන්වහන්සේට…

ඔබ ජීවත් වන ජීවිතය ගැන සහ ජීවිතයෙන් පසු ජීවිතය ගැන ඔයගොල්ලන්ට යම් විශ්වාසයක් ඇත්නම් එයට හේතුව ඔබේ දෙමාපියන්ගේ ද විශ්වාසය එය වූ නිසා නේද? – ශුද්ධෝත්තම 14 වෙනි අපොස්තුළුතුමා විමසනු ලබයි

‛‛ප්‍රියාදර පිංවත් දරුවෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ උපත කියන්නේ ආලෝකයේ උපතයි. ඒ ආලෝකය විදුලි බල්බයන් සිය දහස් ගණනක් දල්වා සමරණ ආලෝකයක් නොවෙයි. එය ධර්මයේ ආලෝකයයි. ලොව පුරා ක්‍රිස්තියාණීන්, තම ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරණවා කියන්නේ, නත්තල සමරනවා කියන්නෙ, ධර්මයේ ආලෝකය ලොවට පැමිණීම සිහිපත් කර, මේ ලොව උපත ලැබූ දෙව් කුමරා දෙසූ ධර්මය බුද්ධිමත්ව සොයා බැලීමට…

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් සත්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් සත්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.   දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් සත්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’…