අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 62 වන උපන් දින සංවත්සරය පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුනි.
තම උපන් දින වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, පානදුර පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසයේ නේවාසිකව ජීවත් වන මහලු මවු පියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
පානදුර, පින්වත්තේ, ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ, ශ්‍රී සද්ධර්මාකර පිරෙවෙන් විහාරය අශ්‍රිතවයි.
ආලෝකා වැඩිහිටි නිවාසයේ මහලු මව්පියන් වෙත දිවා භෝජනය තම දෑතින්ම පිළිගන්වනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉන් අනතුරුව ශ්‍රී සද්ධර්මාකර පිරිවෙන් විහාරය වෙත ගියේ, එහි විහාරාධිපති, අමරපුර මහා නිකායේ අනුනායක අති පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද මාහිමිපාණන් සමුවීමටයි.
ඉමහත් සතුටින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ව පිළිගනු ලැබූ අනුනායක මාහිමිපාණන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග දීර්ඝ වේලාවක් සතුටු සාමිචියෙහි යෙදී සිටියහ.
අද සමාජයේ තරුණ පරපුර වෙතින් සිදුවන විනය විරෝධී ක්‍රියාවන් ගැනද, ඔවුන් අධ්‍යාත්මිකව පිරිහෙමින් විවිධ මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ජීවිත විනාශය කරා ගෙනගොස් අනාගතය අදුරු කරගැනීමේ කණගාටු දායක තත්වය පිළිබදව ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සහ අනුනායක මාහිමිපාණන් අතර සාකච්චා වූ ප්‍රධානතම කරුණු විය.
ජීවිත ගමනේ 62 වන ජන්ම දිනය සැමරූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට සුභ පතමින්, නිරෝගීව දීර්ඝායුෂ විදීමට ලැබේවා යි ප්‍රාර්ථනා කරනු ලැබූ අනුනායක මාහිමිපාණන්, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත උපන් දින ත්‍යාගයක් ද පිරිනැමූහ.
සිය හැට දෙවන ජන්ම දිනය සැමරූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් වෙත උපන් දින සුභ පැතුම් පිරිනමමින් ශ්‍රී සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, අමරපුර මහා නිකායේ අනුනායක අති පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද මාහිමිපාණන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත උපන් දින ත්‍යාගයක් පිරිනමනු ලැබූ අවස්ථාව මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි










