සෑම සෙනසුරාදාවකම සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොදු මහජන හමුව 2016 ජූනි 25 වෙනි සෙනසුරාදා දින සවස ද පැවැත්වුනේ සිද්ධස්ථාන දර්ශණ භූමියේ දීයි.
එදින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් හමුවට පැමිණි අයිය-මලෝ කුඩා දරු දෙදෙනෙක් විනාඩි 15 ක් පමණ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග විශේෂ කතා බහක යෙදුන අයුරු සැමටම දැකගත හැකි විය.
සීදූවේ, රෂේන් බණ්ඩාර සහ රන්දෙව් බණ්ඩාර නම් වූ මෙම කුඩා සහෝදරයන් දෙදෙනා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත පැමිණියේ සුදු පැහැති ලිපි කවර දෙකක් ද සහිතවයි. ඔවුන් ප්‍රථමයෙන්ම කලේ එම ලිපි කවර දෙක ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දෝත් මත තැබීමයි.
ඉන්පසු මේ දරු දෙදෙනා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට යමක් දීර්ඝව විස්තර කරන අයුරුත්, ඉතාමත් සෙනෙහසින් යුතුව උන්වහන්සේ මේ කුඩා දරුවන්ට සාවධානව සවන් දෙන අයුරුත්, ඇතැම් විට උන්වහන්සේ ද ඔවුන්ගෙන් යම් යම් දේ විමසන අයුරුත් දැකගත හැකි විය.
මෙම කතා බහ කුමක් සම්බන්ධවදැ යි දැනගැනීමට නොහැකි වූවත්, විනාඩි 15 ක පමණ කාලයක් මේ කතා බහ පැවති අතර, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මේ කුඩා දරු දෙදෙනා පැවසූ දෙයින් මහත් සතුටට පත්වූ බව ද දැක ගැනීමට හැකි වූ අතර, මේ කුඩා දරු දෙදෙනාගේ හිස මත සිය අපොස්තලික දෝත් තබා යාච්ඤා කර ආශිර්වාද කරන අයුරු ද දකින්නට හැකි විය.
එදින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ පොදු මහජන හමුව ඡායාරූප ගත කරමින් සිටි අපොස්තලික මාධ්‍ය ජාලයේ ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයන්හි සටහන් වූ මෙම අවස්ථාවේ ඡායාරූප රාශියක් අතරින් තෝරා ගත් කීපයක් මෙහි දැක්වේ.