‛‛අධ්‍යාපයක් ලබා ඇති අයෙකුව හඳුනාගත හැක්කේ, හැඳගෙන සිටින උපාධි ඇඳුමෙන් නොව, හැසිරීමේ දී දකින්ට ලැබෙන යහපත් ගතිගුණ මගිනුයි. අද සමාජයේ බොහෝ දෙමාපියන් ‛අධ්‍යාපනය’ නැමැති වචනය යොදන්නේ මොන ක්‍රමයෙන් හරි තම දරුවාගේ ශරීරයට සැප පහසු ජීවිතයක් ලබා දීම පිණිස ධනය ඉපැයීමේ මාර්ගයටයි. අවාසනාවකට අද අධ්‍යාපනයෙහි අරමුණ මේ බවට පත්වී තිබෙනවා. දෙමාපියන්ගේ වගකීම තම දරුවන් ලොකු මිනිසුන් බවට පත්කිරීම නොව, හොඳ මිනිසුන් බවට පත් කිරීමයි.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ 2014 ජනවාරි 11 වෙනිදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවති පොදු හමුව අවස්ථාවේ දී සිඟිති දරුවෙකුට අකුරු කියවීමේදීය.

 

ඩබ්ලිවු. අශෝක ප්‍රනාන්දු මහතා සහ නිල්මිණී ප්‍රනාන්දු මහත්මියගේ බාල පුතුවූ අනිෂ්ක දෙව්වින්ද, තුන් හැවිරිදි සිඟිත්තා සිය පෙර පාසැල් සමය ආරම්භ කිරීමට මත්තෙන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ සුරතින් ආශිර්වාදය ලබාගෙන, උන්වහන්සේ වෙතින් මුල් අකුරු ඉගෙනගෙන සිය අධ්‍යාපනය ඇරඹීමට සැලැස්වීම දෙමාපියන්ගේ කැමැත්ත විය.

 

ඒ අනුව එදින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි පොදු හමුව ආරම්භයේදීම ඩබ්ලිවු. අශෝක ප්‍රනාන්දු මහතා සහ එම මහත්මිය, සිය සිඟිති පුතු වන අනිෂ්ක දෙව්වින්ද සමග ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත පැමිණියේ, පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට මත්තෙන් සිය සිඟිති පුතුට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ආශිර්වාදය ලබා දී, උන්වහන්සේ වෙතින් හෝඩියේ මුල් අකුරු කියවා ගැනීම සඳහාය.

 

කුඩා සිඟිත්තාව සිය තුරුළට ගත් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, දරුවාට ආශිර්වාද කර සිංහල සහ ඉංග්‍රීසි හෝඩියේ මුල් අකුරුද, ගණිතයේ අංක 1 ඉලක්කම ද උගැන්වූහ.

 

ඩබ්ලිවු. අශෝක ප්‍රනාන්දු මහතා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ලේකම්වරයා වන අතර, මෙම අවස්ථාවට සහභාගි වූ ඒ මහතාගේ වැඩිමහල් පුතු වන උපේක්ෂ නෙලුවින්ද සත් හැවිරිදි වන අතර ඔහුට අකුරු කියවූවේ ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසිනි.

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා විසින් අනිෂ්ක දෙව්වින්ද සිඟිත්තාට මුල් අකුරු උගැන්වූ අවස්ථාව මෙම ඡායාරූප පෙලින් දැක්වේ