දුකට වේදනාවට අසරණභාවයට බලාපොරොත්තු සුන්වූ තත්වයට පත්වී දෙවිදු සරණය සොයන ජනතාවට අද සැනසීම සමග සුව සහනය උදාකර දෙන්නා වූ මහා හාස්කම් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත්තේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ මෙම සිද්ධස්ථානයේ දී විසිතුන් වතාවක් දර්ශණය වී ඇති අතර, මෙලොව ජීවතුන් අතර සිටියදී ම, නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමේ සුවිශේෂී වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වන්නාහ.
ජීවිතයේ අසරණ වූවන් නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ සරණය සොයන්නේ ඈත අතීතයේ සිටයි. එතුමිය දයාබර මවක මෙන් අපට පිහිට වන්නේ, අපගේ ජාතිය, ආගම ආදී දේ සොයා බලා නොවේ. අපි අවංකවම එතුමිය කෙරෙහි විශ්වාසය තබා එතුමියගේ සරණය පතන්නේ නම්, එතුමිය අපට පිහිට වන බව සහතිකයි. මේ බව සනාථ කරන්නට සහතික රැසක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සතුයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ සිද්ධස්ථානයක්. වරක් දෙවරක් නොවෙයි, විසිතුන් වතාවක් ම දර්ශණය වූ සිද්ධස්ථානයක්.
දෙව් මවු සරණය පතා මෙම සිද්ධස්ථානයට රැස්වන බැතිමතුන් වෙත ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් වෙතින් මෑතක දී හිමි වූ කදිම ත්‍යාගයක් වන්නේ, උන්වහන්සේගේ ම සුරතින් ලිවූ දෙව් මනුන්ගේ පිහිට පතා උච්චාරණය කල යුතු ‛හාස්කම් යාච්ඤාව’ යි.
මෙම හාස්කම් යාච්ඤාව මේ වන විට හාස්කම් රැසකට මග පාදා ඇත. දෙව් මවුන්ගේ විපුල වරප්‍රසාද ලබා ගැනීමට කිව යුතු යාච්ඤාවක් බවට පත්වී ඇත. සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වන සැදැහැවතුන් මහත් බැතියෙන් මෙම හාස්කම් යාච්ඤාවට සහභාගි වෙති. දෙව් මවුන්ගෙන් පිහිට ලබා එතුමියට තුති කියති.
2017 අගොස්තු 9 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු උයනේ දී හාස්කම් යාච්ඤාවට සහභාගි වූ සැදැහැවතුන් පිරිසක් තම ඉල්ලීම් ලිවූ ලිපි රතු පෙට්ටියට දමන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි. මෙම ලිපි සියල්ලම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ අවධානය සදහා උන්වහන්සේට භාර දෙනු ඇත