‛‛එදා වගේමයි අදත් පායන මේ ඉර හඳ යට’’ නමැති සිංහල ගීතය දැන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ගීයකි. මේ වන විටත් ඔබ සමහර විට මෙම ගීතයට සවන් දී ඇති. මෙම ගීතය ගායනා කරන්නේ අර්ජුන රූකාන්තයි.
අපොස්තලික මාධ්‍ය ජාලයේ, මාධ්‍ය ප්‍රකාශක දූරය දරන්නේ සශික විෂාන් මහතායි. ඒ මහතා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පවත්වනු ලබන දේව මෙහෙයන්ට සහභාගි වෙමින්, උන්වහන්සේගේ දේශනා අසනු ලබන්නේ ඔහුගේ ගැටවර වයසේ සිටයි. ඒ නිසාම ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය දෙස ඉතා පුළුල් අන්දමින් බැලීමට ඒ මහතාට හැකි විය. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දේශනා වෙත ඔහුගේ තරුණ සිත ඇදී යන්නට විය.
වසර 20 කටත් වැඩි කාලයක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දේශණ වලට සවන් දුන් සශික විෂාන් මහතා, අපොස්තලික සේවාවන් වලට ද සම්බන්ධ වූ අතර, මේ වන විට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මහජන සම්බන්ධතා නිලධාරි ධූරය ද, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක ධූරය ද වැනි කාර්ය බහුල තනතුරු දරණු ලබයි. මේ නිසාම අපොස්තුළු තුමෙකුව ලඟින් ඇසුරු කිරීමේ දුර්ලභ වාසනාව ඒ මහතාට හිමිවී ඇත.
පවට භිය ඇති, පිනට ලැදි ඇති සමාජයක් ලොව ඇති කිරීම සඳහා ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දරණ මහන්සිය වටහාගත් සශික විෂාන් මහතා, ශුද්ධවු අපොස්තුළු තුමන්ගේ පණිවිඩය ලොවට ගෙන යාමට නව මං සොයන අතරේ, තරුණ පරපුර කවදත් කැමති ගීතයන් ඔස්සේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ දහම් පණිවිඩය ලොවට දීමට දැරූ උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් ‛‛එදා වගේමයි අදත් පායන මේ ඉර හඳ යට’’ නැමැති ගීතය ඔහුගේ සුරතින් ලියවුනි.
මෙම ගීතය ප්‍රථම වරට ප්‍රචාරය කරනු ලැබුවේ යූත් ගුවන් විදුලිය මගින් 2011 දෙසැම්බර් 23 වෙනි දිනයි. මේ නිමිත්තෙන් එදින සජීවි ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගි වූ සශික විශාන් මහතා, ඔහු ලිවූ මේ ප්‍රථම ගීතයේ පසුබිම් කතාවේ සිටිනුයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා බවත්, උන්වහන්සේගේ දේශණයන්ට දීර්ඝ කාලයක් සවන් දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගීතය ලිවූ බවත්, ඒ ඔස්සේම ඉදිරියේදී තවත් ගීතයන් රචනා කරන බවත්, ඉන්පසු ඒ සියළු ගීත එක්කර සංයුක්ත තැටියක් නිෂ්පාදනය කරන බවත් පැවසීය.
‛‛එදා වගේමයි අදත් පායන මේ ඉර හඳ යට’’ ගීතය දැන් සංගීත වීඩියෝවක් ලෙසින් ද නිෂ්පාදනයවී ඇත.