අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් තුන්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.
දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් තුන්වන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’ නැමැති දිව්‍ය පත්වීම ලැබූ උන්වහන්සේ, මේ ලෝකයේදී ක්රිස්තුභක්තිකයෙකුට ලබාගත හැකි අති ශ්‍රෙෂ්ඨ, ඉහළම පත්වීම ලබාගැනීමට හිමිකම් ලැබූ සේක. සියළු කිතුණුවන්ගේ නායකයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම දානය කරනු ලැබූ මෙම පත්වීම, දෙදහස් දාහත් වසරක් තුල ලබාගෙන ඇති සංඛ්‍යාව දසසතර දෙනෙක් පමණි. අවසානයට අපොස්තුළුවරයෙන් පිදුම් ලද දසසතරවැන්නා වූයේ, දැනට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩසිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝය.
මෙවර නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී ය.
රන්වන් පූජා ඇඳුමින් සැරසී සිටි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ‛බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන්’ සියළුම බැතිමතුන්ව ආසිරි ගැන්වූ සේක.
අද ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමන්ගේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගිවීම පිණිස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට විවිධ ප්‍රදේශයන්ගෙන් බැතිමතුන් පැමිණ රොක් වී සිටියේ දැඩි ශ්‍රද්ධාවකිනි.
මෙහි ඉහළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නත්තල් දිව්‍ය පූජා මෙහෙය අවසානයේ උන්වහන්සේගේ අපොස්තලික ආශිර්වාදය සැදැහැ ජනතාව වෙත දානය කරනු ලැබූ අවස්ථාවයි. පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන්ය












