ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් සිය සතලිස් සතරවන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිදු කරයි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා උන්වහන්සේගේ සතලිස් සතරවන නත්තල් දිව්‍ය පූජා මෙහෙය සිරිත් පරිදි මෙවර ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී පවත්වනු ලැබූහ.   දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රියේ ඇරඹි නත්තල් දිව්‍ය පූජා මෙහෙය උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙසින් සිදුකරනු ලැබූ සතලිස් සතරවන නත්තල් දිව්‍ය පූජා මෙහෙයයි. 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින, ‛අපොස්තුළුවරය’…