රහසින් දිළිඳුන් සොයා ගොස් සරණය වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා
අපේ සමාජය හරි අපූරු තැනකි. ඒ තුල ජීවත්වන්නෝ විටෙක අසුන්දරය. තවත් වරෙක බොහෝ සුන්දරය. ඒත් බොහෝවිට ඇසෙන්නේ අසුන්දර කතාය. නීතියක් නැති විනයක් නැති රටක කරාමය ඇරියා සේ සමාජ සම්මුතීන් බිඳ වැටෙමින් පවතී. එහෙව් සමාජයක ජීවත්වන බහුතරයක් මිනිසුන් අසුන්දර යයි කීම අයුක්ති සහගත යැයි මම නොසිතමි. එහෙත් එවැනි සමාජ පරිසරයක් තුළ තවමත් නාය නොගිය මිනිසත්කමේ…