‛‛මා ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව්මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි. එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගි වන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු වෙමි’’ යනුවෙන් පවසා අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙතින් ඉල්ලීමක් ඉල්ලා, එම ඉල්ලීම අවසන් කරමින්, එවිට මෙම දේව මෙහෙයන්ට සහභාගිවන අයට තවත් බහුල වරප්‍රසාද දානය කිරීමට පොරොන්දු වෙමි යි පවසා පොරොන්දුවක් ද ලබා දුන් නිර්මල කන්‍ය මරියෝතමාවන් වෙත, අභිනව දර්ශණ දේව මන්දීරය පිළිගැන්වීමෙන් පසුව ප්‍රථම වරට හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සැප්තැම්බර් 15 වෙනි ලබන සෙනසුරාදා සවස 6 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සිදු කරනු ඇත.
හාස්කම් යාච්ඤාව අවස්ථාවේ දී ජීවමාන සංඥාවන් දකින්නට ලැබෙන දෙව් මවු ප්‍රතිමාව සති පහකට පසුව, ලබන සෙනසුරාදා ඔබට දැක ගැනීමට හැකිවනු ඇත.
හාස්කම් යාච්ඤාව පැවැත්වෙන ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට සැදැවතුන්ව ඇතුළු කිරීම සවස 5.30 සිට ආරම්භ වනු ඇත. එහි ඇති ඉඩ ප්‍රමාණය අනුව ඇතුළු කරනු ලබන්නේ සීමිත සැදැහැවතුන් පිරිසක් පමණකි. එමනිසා කල්වේලා ඇතිව පැමිණිය යුතුවේ.
හාස්කම් යාච්ඤාව ආරම්භයේදී ම, අසිරිමත් ජීවමාන සංඥා සහිත දෙව් මවුන්ගේ ප්‍රතිමාව පාමුළ දර්ශණ ඉටිපහන් දැල්වීම සිදු කරනු ඇත. එබැවින් ලබන සෙනසුරාදා දර්ශණ ඉටිපහන් දැල්වීමට බලාපොරොත්තු වන්නාවූ සැදැහැවතුන් ඉටිපහන අත ඇතිව, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළුවන ගේට්ටුව අසල ඔබගේ වම් අත පැත්තෙන් රැස්වී සිටින්න.
කහ පැහැති රෝස මල් 123 ක් මත දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය තුමියට තම ආදරය සහ ගෞරවය පුද දෙමින්, දර්ශණ ඉටිපහන් දල්වන්නාවූ බැතිමතුන්ගේ කැපවීම අපි අගය කරමු.
මෙම සියළු කටයුතු සංවිධානය කරනු ලබන්නේ සිද්ධස්ථාන පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ මෙහෙය වීමෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන පාලක මණ්ඩලය මගිනි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිදුවූ ප්රාතිහාර්යයන් රැසකටම මුල පුරනු ලැබූ යාච්ඤාව වූයේ, මෙම හාස්කම් යාච්ඤාවයි. අපොස්තුළුතුමෙකු දෙව් මවුන් අමතා ලියනු ලැබූ ලෝකයේ එකම යාච්ඤාව වන්නේ ද මෙයයි.
අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ලියනු ලැබූ මෙම යාච්ඤාව නිර්මල කන්‍ය මරිය තුමිය වෙත මහත් ප්‍රසන්න වූ යාච්ඤාවක් බවට පත්වීම නිසාම, සිදුවූ හාස්කම් රාශිය හේතුවෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ‛හාස්කම් සිද්ධස්ථානය’ යනුවෙන් ජනතාව හඳුන්වන්ට තරම් හේතු විය.
ලබන සෙනසුරාදා හාස්කම් යාච්ඤාව අවසානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ රැස්වී සිටින සැදැහැවතුන්ට, රතු පෙට්ටියට තම ඉල්ලීම් ලිපි දැමීමට අවස්ථාව ලැබෙනු ඇත.
ලබන සෙනසුරාදා සිට රතු පෙට්ටියට ලිපි දැමීම සඳහා ඔබ පාවිච්චි කල යුත්තේ අප සිද්ධස්ථානය මගින් නිකුත් කරනු ලබන ලිපි කවර වේ. ඒවා සිද්ධස්ථානයේ ආගමීක භාණ්ඩ මධ්‍යස්ථානයෙන් ඔබට ලබාගත හැකියි.